2022 රෝඩ් සේෆ්ට් විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ප්‍රබල බටහිර ඉන්දීය Legends කණ්ඩායම තියුණු තරඟයකින් ලකුණු 14 කින් පරාජයට පත් කරමිනි.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා Legends කණ්ඩායම කඩුළු 09 ක් දැවී ලකුණු 172 ක් රැස් කිරීමට සමත් වුණා.
ලකුණු 173 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය Legends කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුළු 07ක් දැවි රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 158 ක් පමණයි. ඒත් සමඟ තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම සමත් වූ අතර විශිෂ්ටයන්ගේ අවසන් මහ සටන ශ්‍රී ලංකාව සහ ඉන්දියානු Legends කණ්ඩායම අතර අද (01) රායිපූර්හීදී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.









