දේශීය

මුස්ලිම් විවාහ – දේපල නීති වෙනස් කිරීමට ආණ්ඩුවේ අවධානය

අපරාධ නීතිය, සිවිල් නීතිය මෙන්ම මුස්ලිම් නීතිය ප්‍රතිසංස්කරණය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව විෂය භාර ඇමති අලි සබ්රි මහතා පවසයි.
ඒ අනුව ඉස්ලාම් භක්තිකයන්ගේ විවාහ නීතිය හා දේපළ සම්බන්ධ කරුණු පාලනය කරන නීති මෙසේ වෙනස් විය යුතු බවත් එක රටක් එක නීතියක් රජයේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී එසේ විය යුතු බවත් ඇමතිවරයා පවසයි.

රටට ගැලපෙන ලෙස පවතින නීති සැකසීම හා යාවත්කාලීන කිරීම සඳහා පත් කර ඇති අනු කමිටු හා නීති ප්‍රතිසංස්කරණ කමිටු කෙරෙන් සිවිල් නීතිය, අපරාධ නීතිය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන බවත්
මුස්ලිම් නීතිය 1951 පමණ සිට මෙරට ක්‍රියාත්මක නීතියක් වන අතර එම නීතිය සිවිල් අධිකරණ බලය හිමි දිසා අධිකරණ සමගාමීව යාවත්කාලීන කළ යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මූලාශ්‍ර : දිනමිණ

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago