Sunday, June 14, 2026
Homeදේශීයමුස්ලිම් විවාහ - දේපල නීති වෙනස් කිරීමට ආණ්ඩුවේ අවධානය

මුස්ලිම් විවාහ – දේපල නීති වෙනස් කිරීමට ආණ්ඩුවේ අවධානය

අපරාධ නීතිය, සිවිල් නීතිය මෙන්ම මුස්ලිම් නීතිය ප්‍රතිසංස්කරණය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව විෂය භාර ඇමති අලි සබ්රි මහතා පවසයි.
ඒ අනුව ඉස්ලාම් භක්තිකයන්ගේ විවාහ නීතිය හා දේපළ සම්බන්ධ කරුණු පාලනය කරන නීති මෙසේ වෙනස් විය යුතු බවත් එක රටක් එක නීතියක් රජයේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී එසේ විය යුතු බවත් ඇමතිවරයා පවසයි.

රටට ගැලපෙන ලෙස පවතින නීති සැකසීම හා යාවත්කාලීන කිරීම සඳහා පත් කර ඇති අනු කමිටු හා නීති ප්‍රතිසංස්කරණ කමිටු කෙරෙන් සිවිල් නීතිය, අපරාධ නීතිය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන බවත්
මුස්ලිම් නීතිය 1951 පමණ සිට මෙරට ක්‍රියාත්මක නීතියක් වන අතර එම නීතිය සිවිල් අධිකරණ බලය හිමි දිසා අධිකරණ සමගාමීව යාවත්කාලීන කළ යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මූලාශ්‍ර : දිනමිණ

READ:   යටත් විජිත සමයේ ඝාතනය වූ හෙන්රි ප්‍රේද්‍රිස් ට යුක්තිය ඉටු කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්