Tuesday, July 28, 2026
Homeක්‍රීඩාක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට

ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත එළඹෙන පෙබරවාරි 11 වැනිදා කැඳවීමට තීරණය කර ඇත.
මීට අමතරව පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවා ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාවට අවධානය යොමු කිරීමත් මහනුවර දිස්තික්කයේ නායයෑම් අධි අවදානම් කලාපයන්හි ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීමත් පෙබරවාරි 24 වැනිදා සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කළමනාකරණය කිරීම සහ ඒවා මෙරට තුළ භාවිතය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් පෙබරවාරි 26 වැනිදා සැලකිල්ලට ගැනීමට නියමිත බවද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

මූලාශ්‍ර : News.lk

READ:   කම්කරුවන් ලක්ෂ ගණනින් මිය යන මැයි දිනයක්!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්