Thursday, September 10, 2026
Homeක්‍රීඩාඑක්දින තරඟාවලිය ලංකාවට අමාරු විය හැකියි! - සනත් ජයසූරිය

එක්දින තරඟාවලිය ලංකාවට අමාරු විය හැකියි! – සනත් ජයසූරිය

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු තරඟාවලියක් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා පවසනවා.

ඉන්දියානු කණ්ඩායමේ රෝහිත් ශර්මා, විරාත් කෝලි, රාහුල්, බුම්‍රා යන ක්‍රීඩකයන් හතර දෙනා නොමැතිව ඉන්දියාව විස්සයි විස්ස තරඟාවලිය ජයග්‍රාහණය කළ නිසා එම ක්‍රීඩකයන් හට ඉන්දියාවෙන් රතු එළිය වැටි ඇති බව සනත් ජයසූරිය මහතා පවසනවා.
එනිසා ඔවුන් හතර දෙනාම එක්දින තරඟාවලිය තුළ ලේසියෙන් අත්නොහැර සිය උපරිමය පෙන්වමින් ක්‍රීඩා කිරීමට ඉඩ කඩ පවතින බව සනත් ජයසූරිය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් සාර්ථක හොඳ තරඟයක් ලබා දිය යුතු බව සනත් ජයසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   කොළඹ අඩු ආදායම්ලාහීන්ට චීනයෙන් හිසට සෙවනක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්