Saturday, July 25, 2026
Homeදේශීයවයිරසය පැතිරීම අඩු වන තුරු ශ්‍රී පාද වන්දනාවේ යන්න එපා

වයිරසය පැතිරීම අඩු වන තුරු ශ්‍රී පාද වන්දනාවේ යන්න එපා

ශ්‍රී පාද වන්දනා සමය පසුගිය 29 වැනිදා ආරම්භ වුවත් ජනවාරි මාසය අවසන් වන තෙක් වන්දනාවට නොපැමිණීමට ජනතාව වග බලා ගන්නේ නම් කොවිඩ් – 19 ව්‍යාප්තව ඇති මේ අවස්ථාවේ ගන්නා හොඳ තීරණයක් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍යට පවසා තිබෙනවා.

දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග පවතින පිරිස ශ්‍රී පාද වන්දනාවට සහභාගි නොවීම සුදුසු බවත් වන්දනාවට පැමිණෙන පිරිස කොවිඩ් වළක්වා ගැනීමේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවත් ඒ මහතා සදහන් කලා.

මුල් මාස කිහිපය ගත වන තෙක් බලා වයිරස ව්‍යාප්තිය අඩු වන තෙක් සිට මේ වන්දනාවට බැතිමතුන් සහභාගි වීම වඩාත් සුදුසු යැයිද ඒ් මහතා වැඩි දුරටත් පවසා සිටියා.

READ:   දුරකථනයෙන් මරණ තර්ජනය කර කප්පම් ගැරූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්