Saturday, June 6, 2026
Homeදේශීයකොවිඩ් මර්දන දේශීය ඔසුවට සායනික පරීක්ෂණ සඳහා අනුමැතිය

කොවිඩ් මර්දන දේශීය ඔසුවට සායනික පරීක්ෂණ සඳහා අනුමැතිය

කොවිඩ් වයිරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොදා ගැනීම වෙනුවෙන් ආචාරධර්ම කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් 19 රෝගීන් යොදා ගනිමින් සායනික පරීක්ෂණ කිරීම සඳහා අදාළ ලේඛන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන බවද දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පවසයි.

මේ ඖෂධය ලබා ගන්නා රෝගීන් දින තුනක් තුළ සුව වන බවට මීට පෙර වතුපිටිවල රෝහලේදී ලබාගත් පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙන අතර එයින් අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත පැවරීය.

ඒ අනුව සෞඛ්‍ය ඇමැතිවරිය විසින් ආචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙරට වෛද්‍ය විද්‍යාල අටක මහාචාර්යවරු 10 දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කිරීමට පියවර ගත් අතර මසකට වැඩි කාලයක් දේශීය ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කළ මේ විශේෂඥ කමිටුවට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම කමිටුව විසින් අදාළ ඖෂධය යොදාගෙන කොවිඩ් රෝහලක සායනික පරීක්ෂණ කිරීම සඳහා ඊයේ (30) අනුමැතිය දුන්නේය.

මේ ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු එය ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කළ බවද දැනට එම කමිටුවේ අනුමැතිය ලැබී තිබෙන බවද දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව මේ ඖෂධය සම්බන්ධයෙන් ඉදිරියේදී සායනික පරීක්ෂණ කිරීම සඳහා අවස්ථාව ලැබෙන අතර ඒ සඳහා මූලික කටයුතු කරන බවද ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

මේ සම්බන්ධයෙන් වන ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරන බවද ඒ අනුව ඔහු විසින් පරීක්ෂණය සඳහා අනුමැතිය දීමෙන් අනතුරුව අදාළ විද්වත් කමිටුව විසින් සායනික පරීක්ෂණ ආරම්භ කරන බවද පෙන්වා දුන්නාය.

READ:   බන්ධනාගාර රැදවියන් 9500 කට PCR ටෙස්ට් - බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය

dinamina

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්