දේශීය

ගුවන් තොටුපළ 26 දා සිට යලිි ක්‍රියාත්කයි

විදෙස් සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කරමින් එළඹෙන 26 දා සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් තොටුපළ විවෘත කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව මූලික පියවරේ දී වාණිජ සහ විශේෂ ගුවන් ගමන් සඳහා පමණක් ගුවන් තොටුපළ විවෘත කරන අතර සෞඛ්‍ය අංශ නිකුත් කර තිබෙන නිර්දේශ අනුව මේ කටයුතු සිදු වන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

ගුවන් තොටුපළ විවෘත කරන ලෙස මේ වනවිට විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව සදහන් කරන ඇමැතිවරයා එළඹෙන 26දා සිට මෙලෙස විශේෂ ගුවන් යානා පැමිණීමට හැකි බවට විදෙස් ගුවන් සේවා සඳහා දැනුම් දී තිබෙන බවද ඒ අනුව කටුනායක, මත්තල, යාපනය සහ මඩකළපුව ගුවන් තොටුපළවල මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ද විශ්වාසය පළකරයි. මේ අතර ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කෙරෙන දිනය ඉදිරි දින කිහිපය තුළ නිශ්චිතවම ප්‍රකාශයට පත්කිරීමට හැකිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

උපුටා ගැනීම දිවයින පුවත් පත

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

11 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

11 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago