ඔහුට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුණේ, දොම්පේ මල්වාන ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරිමේ චෝදනා සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළවයි.
එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.
ජනාධිපතිවරයා විසින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇති බවත් එහි රාජකාරිකාරිමය කටයුතු සඳහා තම සේවාදායකයාට විදේශ ගතවීමට සිදු වන හෙයින් ඒ සඳහා ඇති තහනම ඉවත් කරන ලෙස ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී.වීරත්න මහතා මෝසමක් ඉදිරිපත් කරමින් අද ගම්පහ මහාධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව එම තනතුරට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයේ පිටපතක් ද මහාධිකරණයට ඉදිරිපත් කරමිනි.
ඒ අනුව ලබන මාර්තු මස 12 වැනි දා ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටිමේ කොන්දේසි මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගතවීමේ තහනම ඉවත් කරන බව නියෝග කළ ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඒ බව ආගමන විගමන පාලක වෙත දැනුම් දෙන ලෙස ද නියෝග කලා.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…