දේශීය

බැසිල්ට පැන වූ විදෙස් ගමන් තහනම ඉවත් කරයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබු විදෙස් ගමන් තහනම ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද ඉවත් කර තිබෙනවා.

ඔහුට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුණේ, දොම්පේ මල්වාන ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරිමේ චෝදනා සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළවයි.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.

ජනාධිපතිවරයා විසින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇති බවත් එහි රාජකාරිකාරිමය කටයුතු සඳහා තම සේවාදායකයාට විදේශ ගතවීමට සිදු වන හෙයින් ඒ සඳහා ඇති තහනම ඉවත් කරන ලෙස ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී.වීරත්න මහතා මෝසමක් ඉදිරිපත් කරමින් අද ගම්පහ මහාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව එම තනතුරට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයේ පිටපතක් ද මහාධිකරණයට ඉදිරිපත් කරමිනි.

ඒ අනුව ලබන මාර්තු මස 12 වැනි දා ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටිමේ කොන්දේසි මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගතවීමේ තහනම ඉවත් කරන බව නියෝග කළ ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඒ බව ආගමන විගමන පාලක වෙත දැනුම් දෙන ලෙස ද නියෝග කලා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago