Wednesday, April 15, 2026
Homeදේශීයනීති විරෝධී තවත් වියලි කහ කිලෝ 1372 කට අධික තොගයක් නාවික හමුදා...

නීති විරෝධී තවත් වියලි කහ කිලෝ 1372 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1372 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙක් (05) 2020 නොවැම්බර් මස 28 වන දින රාත්‍රි කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානය විසින් පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදු සීමාවට (IMBL) ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශයේ තිබු සැකකටයුතු ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදී. පසුව සිදුකළ වැඩිදුර පරික්ෂාවේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 39ක අසුරන ලද වියළි කහ කිලෝ 1372 යි ග්‍රෑම් 300 ක පමණ තොගයක් සොයාගන්නා ලද අතර, එම කහ තොගය සමග ඩව් (Dhow) යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතික සැකකරුවන් පස් දෙනෙකු (05) සහ යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයටගත් මෙම යාත්‍රාවෙන් ගෙන එන කහ තොගය මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවකට හුවමාරු කිරීමට මෙම ජාවාරම් කරුවන් සැලසුම්කර තිබෙන්නට ඇතැයි නාවික හමුදාව සැකකෙරේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් කහ තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තබා ඇත. එමෙන්ම පවතින වසන්ගත තත්වය හේතුවෙන් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් පස් දෙනා (05) සහ ඩව් (Dhow) යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට පිටුවහල් කිරීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාව

READ:   පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන විදිහ
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්