තම දූශකයාගේ අත් අල්ලන් සිටීම සැබෑ ආදරයේ සංඛේතය ලෙස මනින විචාරකයන්ගේ දරුවෙකුට අවසානාවකට මෙවැන්නක් සිදු වුනොත් තමන්ගේ දියණියට කවි ලියන අම්මලා තාත්තලා කී දෙනෙක් සිටීවිද?ළමා ආරක්ෂණයට කැප වූ ක්‍රියාකාරිනියක් ලෙස බාල වයස් ගැබ් ගැනීම් හෝ විවාහ සියලුම දරුවන් වෙනුවෙන් ප්‍රතික්ෂේප කරමි.

එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් කොමිටුව ‘දරුවෙක්’ යනුවෙන් වයස අවුරුදු 18ට අඩු සීමාවක් නම් කර ඇත්තේ සෑම රටක්ම ගෝලීය තලයේදී දරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සරල මිනුම් දණ්ඩ තහවුරු කරමින්. නමුත් එක් එක් රටවල් වල නොදියුණු ශිෂ්ඨාචාරයක් අනුගමනය කරමින් 21වන ශතවර්ෂයට ඔබින නීතී රීති සම්පාදනය කිරීමට උදාසීන වීම මෙවන් කවියන්ට තමන්ගේ කුසලතා පෙන්වීමට ඇති කාලය මැනීමකි. ඉර නගිනා අධිරාජ්‍යත්, ඉර බසිනා දූපතත් හතිලමින් නූතන ශිෂ්ඨාචාරයට බඩ ගාන්නේය. ශ්‍රී ලංකාවේ ආදර්ශමත් දේශපාලන නායකත්වයක් ඉපැරණිතම පක්ෂ දෙකෙන්ම මා දකින්නේ නැත.
අඩුම වශයෙන් දරුවෙකුගේ මුහුණ නොපෙන්වා අනන්‍යතාවය රැකීමට තරම්වත් හිත් පිත් නැති නීතිවේදීන් ඇතුලු පුරවැසියන් රටේ නීතිය පිලිපදියිද? ඒ නිසා අපි කවුරුත් ඔල්වරසන් දෙන නවසීලන්තයේ ජසින්ඩා ආර්ඩන් අගමැතිනියව අනුගමනය කරන ලෙස තරයේ අනුමත කරමි. එතුමිය මුස්ලිම් බැතිමතුන්ව මැරූ Christchurch ඝාතකයාගේ නම සඳහන් කිරීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළාය. ඒ ඔහු බලාපොරොත්තු වූ කුප්‍රකට පිළිගැනීම සහමුලින්ම දූවිල්ලක් කිරීමටයි. එය එසේම සිදු විය. වසරක් පසුවත් පාස්කු ප්‍රහාරයේ “මහ මොළකරු” කියමින් අපේ දේශාපාලුවන් සේ එය ඉත්තෙක් කර ගත්තේ නැත. ළමා දූශකයෙක් මා දකින්නේත් ත්‍රස්තවාදියෙක් ලෙසින්මය.

අවුරුදු 15ක ගැබිනියක් වීමට නම් ඇය ලිංගික සංසර්ගයේ යෙදවීම කුඩා කල් පටන් සිදු විය ඇති බව සාධාරණ සැකයකින් අනුගමනය කළ හැක. එය Grooming එසේත් නැත්නම් Sexual exploitation නමින් හදුන්වයි. ඒ දරුවාගේ කෙටි ජීවිත කාලයේ භීතියෙන් තැති ගත් අවස්ථා කෙතරම් ඇත්ද? හිතෙන් මැරි මැරී කී පාරක් ඉපදෙන්න ඇත්ද? ඇයගේ ඉතිරි ජීවිත කාලය කෙතරම් විනාශ වී ඇත්ද? එබැවින් අද පටන් සෑම ළමා දූශකයෙකුගේම පෞද්ගලික හදුන්වාදීම දූවිල්ලකට එහා නොයන පුස්සක් කරමින් ඔවුන්ට එරෙහි නීතිමය පියවර සහ මානසික ප්‍රතිකාර තහවුරු කරමු! ළමා දූශකයන්ගේ රහසිගත විස්තර අඩංගු රෙජිස්ටරයක් සහ ඔවුන්ගේ සංසරණය සීමා කෙරෙන අධීක්ෂණයක් ස්ථාපිත කරමු!!


