Wednesday, September 16, 2026
Homeදේශීයමහර බන්ධනාගාර සිද්ධියේ අදිසි හස්තයක් තියෙනවා - බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මහර බන්ධනාගාර සිද්ධියේ අදිසි හස්තයක් තියෙනවා – බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මහර බන්ධනාගාරයේ ඊයේ දිනයේදී ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.  

පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද(30) නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලේක්ම්වරියගෙන් ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් සිදුකරනවා සේම ස්වාධින පරීක්ෂණයක් සිදුකිරීමට ද කටයුතු යොදන බව ඇමතිවරිය කියා සිටියාය.

‌මේ අතර මේ සිදුවීම පිටුපස අදිසි හස්ථයක් ඇතැයි ඒ පිලිබදව රහස් පොලීසිය හරහා පරීක්ෂණයක් සිදුකළ යුතු බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පහතා වැඩිදුරටත් පැවසුවා.

මුලාශ්‍ර දිනමිණ

READ:   විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවලට ජනපතිගෙන් සුබදායි පිළිතුරක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්