Wednesday, April 15, 2026
Homeදේශීයමහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය : මළ සිරුරු 06ක් රාගම රෝහලට - 37කට තුවාල

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය : මළ සිරුරු 06ක් රාගම රෝහලට – 37කට තුවාල

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 06 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් ඇතැයි සදහන් වේ. මීට අමතරව සිද්ධියෙන් තුවාල ලැබූ 37 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත. ඒ අතරින් සිරකරුවන් 35දෙනෙක් හා දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

 ඊයේ වන මහර බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිත රැඳවියන් 183 දෙනකු වාර්තාවිමත් සමගම එම බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසන්සුන් තාවයක් ඇතිවී ඇතිඅතර එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට අත්සහ දරා තිබේ. මෙම නොසන්සුන්තාව පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය සඳහා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් පහක් සහ විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී වරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කිහිපයත් යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

  බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබු අතර කැළණිය සහ රාගම පොලිස් ස්ථානවලින්ද පොලිස් කණ්ඩායම් යොදවා ඇත. මේ අතර මහර බන්ධනාගාරයේ මුළුතැන්ගෙට රැඳවූවන් විසින් ගිනි තබා ඇති බව ද වාර්තා වෙයි. සිද්ධිය ගැන සොයා බැලීමට ඇමැතිවරිය කමිටුවක් පත්කර ඇත.

www.dinamina.lk/

READ:   BREAKING NEWS: ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවන හා තුන්වන වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්