Wednesday, April 22, 2026
Homeදේශීයමහර බන්ධනාගාරයේ තුවාලකරුවන් 71 ක්

මහර බන්ධනාගාරයේ තුවාලකරුවන් 71 ක්

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.  මෙම ගැටුම හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබේ.  

එසේම රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මහර බන්ධනාගාර සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවයි. මහර බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් පිරිසක් ඊයේ (29) පස්වරුවේ පළායාමට උත්සාහ කළ අතර එම උත්සාහය ව්‍යවර්ථ කිරීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායද කැඳවා තිබේ. ආරක්ෂක අංශ පවසන්නේ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට සිදු වූ බවයි. 

මෙම නොසන්සුන්කාරී තත්ත්වය අතරමැද බන්ධනාගාරය තුළ ගින්නක් ද හටගෙන තිබූ අතර අද පෙරවරුව වනවිට එම ගින්න මැඩපැවැත්වීමට සමත්ව තිබේ.

READ:   අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර දෙන්නැයි අගමැති උපදෙස්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්