Friday, April 10, 2026
Homeදේශීයවසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම්...

වසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

බන්ධනාගාර රැඳවියන් තමන්ව කොවිඩ්  රෝගයෙන් බේරලා දෙන්න කියා මේ අවස්ථාවේ ජනාධිපතිගෙන් ඉල්ලා සිටිද්දී වගකිවයුතු ආණ්ඩුවක් ලෙස, රජයක් ලෙස පියවර නොගෙන රැඳවියන් ඝාතනය කරන තැනට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව සමාජය දැනුවත් කිරීමට තම සංවිධානය සුදානම් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

වසර ගණනාවක සිට බන්ධනාගාර වල ඝාතන, වදහිංසා, අමානුෂික ක්‍රියාවන් සිදු කරමින් පවතින බවත් අවසානයේ බැලු විට ඒවා කරපු කිසිවෙකුත් නැතැයිද ඔහු පවසයි. ඊට  නිදසුන් ලෙස ඔහු පෙන්වා දුන්නේ 1983 කලු ජුලියේදී වැලිකඩ සිද්ධිය, බිඳුනුවැව වැඩ කඳවුරෙත් රැඳවියන් වදහිංසා කර ඝාතනය කළ අවස්ථාව, කලුතර බන්ධනාගාරයේ සිදුවීම,  අනුරාධපුර බන්ධනාගාර සිදුවීමය.  නමුත් වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමේදී තම සංවිධානය මැදිහත් වී ඊට අවශ්‍ය නෛතික කටයුත් ගත් නිසා අද වන විට අධිකරණයේ නඩුවක් පවතින බවද ඔහු කියයි.

මේ වසරේම පෙබරවාරි –  මාර්තු කාලයේ මහර බන්ධනාගාරයේ දී තරුණයෙකු ඝාතනය වූ අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් පැවසුයේ පැනලා යන්න ගිහින් තාප්පයෙන් වැටි මිය ගිය බවත්, එය බන්ධනාගාරය සැමදා හැමෝටම කියන කථාව බවද සේනක පෙරේරා මහතා පවසයි.

බන්ධනාගාර ඇතුලේ අවම පහසුකම්වත් ලබා දෙන්න මේ පාලකයෝ සමත් වී නැතැයිද නිසි ආහාර වේලක්, බෙහෙතක්, සුබ සාධන පහසුකමක්වත් නොමැති බව පෙන්වා දෙන ඒ මහතා කියා සිටින්නේ කාන්තාවන් තමන්ට සනීපාරක්ෂක තුවා දෙන්න කියා පහුගිය කාලයේ විරෝධතාවක් පැවැත්වුයේද ඒ නිසා බවය.

තම සංවිධානයද දිගින් දිගටම ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා සිටියේ මේ මිනිසුන්ද මනුෂ්‍යයින් ලෙස සලකා පහසුකම් ලබා දෙන ලෙසට බවත් නමුත් දිනෙන් දිනම සිදු වුයේ බන්ධනාගාර රැඳවියන්ගේ තත්ත්වය අසතුටුදායක මට්ටමක පැවතිම බවද ඔහු කියා සිටියි.

ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාව අනුව  පැවරි ඇති  සමාව දිමේ බලතල යොදා ගන්නේ තමන්ගේ පුද්ගලික මනාපයන් වලට බවත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේත්,මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේත්, වර්තමාන ජනාධිපති යටතේත් ඒ ලැබුණු බලය අවභාවිතා කරන බව පෙනෙන්නට ඇතැයි ද නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

READ:   ස්ටාලින්ට සාධාරණය දියව්!

ජනාධිපතිගේ මිතුරා නිශ්ශංක සේනාධිපති අද වන විට බන්ධනාගාර රැඳවියන්ගේ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අතර රැඳවියන්ට බාහිර පාර්ශවයන් සමඟ ඇති සබඳතාව කුමක්ද කියා සේනක මහතා ප්‍රශ්න කර සිටියි.

රැඳවියන් යනු එදා මෙදා තුර රට පාලනය කළ පාලකයන් නිසා අපරාධ  වලට පෙළඹි බන්ධනාගාර ගත වුවන් බවත්, මේ සමාජ විෂමතාවයට විසඳුමක් නොදී මෙම ත්ත්වය පාලනය කිරීමට නොහැකි යැයිද ඔහු පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ සිද්ධියත් සමඟ රැඳවියන් 8 කු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අද (30) දින මාධ්‍ය දැනුවත් කරමිනි.

aithiya.lk

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්