දේශීය

ජාතිය ඔලමොට්ටල කිරීම – වික්ටර් අයිවන්

රටට වැටිය හැකි ප්‍රපාතයේ පතුළටම මේ වනවිට ලංකාව වැටී ඇතැයි කිව හැකිය. එය බාහිර කවුරුන් විසින් හෝ ප්‍රපාතයට තල්ලු කිරීම නිසා සිදුවූවක් නොව, රටේ නායකයින් හා බුද්ධිමතුන්ද ඇතුළුව රටේ ජනතාව සිය කැමැත්තෙන් උදාකරගත් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

ලංකාව කටපාඩමෙන් අධ්‍යාපනය ලබාදෙන මෝඩ ජාතියකි. 1 වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වාම ඉගැන්වීම් කෙරෙන්නේ කටපාඩමෙනි. ගණිතයට තිබුණ ජාතික අසමත්භාවය ජය ගත්තේ සාමාන්‍ය පෙළ විභාගයේදී සාමාන්‍ය සමාර්ථයක් සඳහා ලබාදෙන ලකුණු සංඛ්‍යාව උපරිම මට්ටමකට පහළ දැමීමෙනි. සමහර වසරවල සාමාන්‍ය සමාර්ථයක් සඳහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 14 දක්වා පහත දමා තිබේ.

මිනිස් දරුවකුට කුඩා කාලයේ සිටම උසස් තත්ත්වයේ ඥානන හැකියාවක් පවතී. සතියක් වයස දරුවකුට පවා සිය මවගේ කිරිවල සුවඳත් අන් මවකගේ කිරිවල සුවඳත් අතර වෙනස හඳුනාගත හැකිය. ළමුන් සමූහ ක්‍රියාකාරීත්වයෙන්, ගවේෂණයෙන් හා ප්‍රශ්න කිරීමෙන් ඉවත් කොට සියලු දේ කටපාඩමෙන් ඉගෙන ගතයුතු කෙනෙකු බවට පත් කළ විට සිදුවන්නේ ළමයා විචාර බුද්ධිය අහිමි කළ ඔලමොට්ටලයකුගේ තත්ත්වයට පත්වීමය. දැන් එය (ඔලමොට්ටලකම) මුළු ජාතියම වසා ගත් මහ පිළිකාවක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය.

IQ දර්ශකය

2020 වසර සඳහා ලෝකයේ ජාතීන්ගේ IQ මට්ටම පෙන්නුම් කරන ලෝක දර්ශකය අනුව ලංකාව ලකුණු 79ක් හිමිකර ගනිමින් සිටින්නේ 137 වැනි ස්ථානයේය. සිංගප්පූරුව ලකුණු 108ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින විට ලකුණු 59ක් හිමිකර ගනිමින් බටහිර අප්‍රිකාවේ ගිනිබිසෝව ලෝකයේ 184 වැනි ස්ථානය හිමි කරගෙන සිටී. පසුගිය දශක හතරක් තරම් කාලය තුළ ලංකාවේ ඇතිවී තිබෙන බුද්ධිමය පරිහානියේ තරම ඒ අනුව තේරුම් ගත හැකිය. කටපාඩම මත පදනම් වූ මෝඩ අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ පවත්වා ගැනීමට ඉඩහැරීම මගින් අධ්‍යාපන බලධාරීන් හා රටේ පාලකයින් රටට කර තිබෙන විනාශයේ තරම ඒ අනුව සිතා ගත හැකිය. ඒ තත්ත්වයට බුද්ධිමතුන් සේ ම ජනමාධ්‍යවේදීන්ද වගකිව යුතුය.

කටපාඩම මත පදනම් වී පවත්වාගෙන යන අධ්‍යපන ක්‍රමය ගැන රටේ කිසිම සංවාදයක් ඇත්තේම නැති තරම්ය. මෙම විනාශකාරී මෝඩ ක්‍රමය ගුරුවරුන්ගේ හෝ ගුරු වෘත්තිය සමිතිවලද විරෝධයට හේතුවී නැත. වඩාත්ම හාස්‍යජනක දේ වනුයේ මේ මෝඩ ක්‍රමය විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් බලවත් විරෝධයකට හසුවීමෙන් තොරව නිසසලව ගලා යන තත්ත්වයක් පැවතීමය.

විචාර බුද්ධිය අහිමිකර ගැනීම

විචාර බුද්ධිය අහිමි කරගත් සමාජයකට භුක්ති විඳිය හැකි විශේෂ ජොලියක් තිබේ නම් ලංකාව ඒ ජොලිය උපරිම ලෙස භුක්ති විඳින රටක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ආර්ථිකය තිබුණේද තිබෙන්නේද අතිවිශාල අර්බුදයකය. රටේ ණය අර්බුදය තිබුණේද, තිබෙන්නේද වැඩි කල් නොගොස් ලංකාව මුළුමනින් බංකොළොත් තත්ත්වයට පත්කිරීමට නියමිත තත්ත්වයකය. ඒ සියල්ලට අතිරේකව දැන් රටේ කොරෝනා වසංගත තත්ත්වය තිබෙන්නේ මුළුමනින් පාලනයෙන් ගිලිහුණ අවුල්සහගත තත්ත්වයකය.

ලංකාව තිබෙන්නේ අර්බුදයේ කරවටක් ගිලුණු බිහිසුණු තත්ත්වයක වුවද ලංකාවෙ පාලක පක්ෂයට, විරුද්ධ පක්ෂයට, බුද්ධිමතුන්ට හෝ සමාජයට ඒ ගැන මොනම අවබෝධයක්වත් ඇති බවක් පෙනෙන්නේ නැත. ඒ ගැන වන කිසිම සංවාදයක් කොතැනක හෝ තිබෙන බවක්ද පෙනෙන්නේ නැත. රටේ බුද්ධිමතුන් ඇද වැටී තිබෙන තැන ඛේදජනකය. ජනමාධ්‍යවල හැසිරීමද හාස්‍යජනකය. ඔවුන් තමන්ගේ මුද්‍රාව සලකුණු කරගැනීම සඳහා ඕපාදූප කඳු තරගෙට සමාජ ගතකරමින් සිටිනවා විනා ඇතිවී තිබෙන විපත ගැන හෝ එය ජයගැනීම හෝ හානි අවම කරගැනීම සඳහා කුමක් කළ යුතුද යන්න ඵලදායි සංවාදයක් ආරම්භ කොට පවත්වාගෙන යන වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමට සමත් වී නැත. රටේ පාලන කටයුතුද රටේ නීතිය හා යුක්තිය ක්‍රියාත්මකවීමද අන් සියලු දේවල්ද සිදුවෙමින් තිබෙන්නේ රටේ මුල්බැස තිබෙන මුග්ධ තත්ත්වය ආරක්ෂා කිරීමට හා ශක්තිමත් කිරීමට හේතුවන ආකාරයටය.

Bcg එන්නත

ලංකාව තුළද කොරෝනා වසංගතයේ වේගවත් ව්‍යාප්තියක් මේ වන විට පෙනෙන්නට ඇතත් ක්ෂය රෝග මර්දනය සඳහා ලබාදෙන ලද බීසීජී එන්නත ප්‍රශස්ත ලෙස යොදා ගෙන තිබෙන රටක් නිසා මරණ අනුපාතිකයෙහි ලොකු වර්ධනයක් පෙන්නුම් නොකරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එම එන්නතින් ලබාදී තිබෙන ප්‍රතිශක්තිය කොවිඞ් 19 වෛරසයට ඔරොත්තු දීමේ හැකියාවක් ලබාදී තිබේ. ඒ ගැන කර තිබෙන අධ්‍යයන්ගෙන්ද තහවුරු වී තිබෙන්නේ බීසීජී එන්නත පාවිච්චි කර තිබෙන රටවල කොරෝනාවලින් සිදුවී තිබෙන මරණ අනුපාතිකය එම එන්නත පාව්ච්චි කර නැති රටවල මරණ අනුපාතිකයට වඩා බොහෝ පහළ මට්ටමක පවත්නා බවය. එම එන්නත කොහෙත්ම පාවිච්චි කර නැති රටවල් ගණන 26ක් වන අතර ඇමරිකාව ඇතුළු ලොකු මරණ අනුපාතිකයක් පෙන්නුම් කර තිබෙන්නේ එම රටවල්ය.

එක ළඟ තිබෙන රටවල් දෙකක් ලෙස සැලකිය හැකි ස්පාඤ්ඤයේ මරණ අනුපාතිකය සමග සසඳන විට පෘතුගාලයේ මරණ අනුපාතිකය තිබෙන්නේ පහළ මට්ටමකය. ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 35369කි. පෘතුගාලයේ මරණ සංඛ්‍යාව 2438කි. මේ වෙනසට හේතුව ස්පාඤ්ඤය බීසීජී එන්න්ත පාවිච්චි නොකළ රටක් වීම හා පෘතුගාලය එම එන්නත පාවිච්චි කළ රටක් වීමය. ලංකාව 1949 සිට එම එන්නත ප්‍රශස්තම ලෙස පාවිච්චි කළ රටක් වන අතර ලංකාවේ ජනගහනයෙන් සියයට 95ක්ම එම එන්නත ලබාගෙන තිබේ.

වික්ටර් අයිවන්

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

15 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

15 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago