දේශීය

කිසිම රටකින්ට ශී‍්‍ර ලංකාවට එන්න අවසර නෑ..

කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම තවදුරටත් පැවතීම හේතුවෙන් ප‍්‍රසංග පැවැත්වීම, චිත‍්‍රපට තැනීම, ක‍්‍රීඩා තරග පැවැත්වීම වැනි කාර්යයන් සඳහා කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිරෙන රටවලින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට මෙම දිනවල කිසිවකුට අවසර ලබා නොදෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
 
 කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිරෙන බංග්ලාදේශයේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මෙරටට පැමිණීමේදී අඩු දින ගණනක් නිරෝධායනය වී ක‍්‍රීඩා කිරීමට අවසරය ලබා නොදුන්නාක් මෙන්ම වෛරසය පැතිරෙන ඉන්දියාවේ සිට මෙරටට චිත‍්‍රපට තැනීමේ කාර්යයන් සඳහා පැමිණීමට කිසිවකුටත් අවසර ලබා නොදෙන බව පෙරේදා (30දා* කොළඹ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවති ශ‍්‍රී ලංකාවේ වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳ ප‍්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින් වෛද්‍ය සමරවීර මහතා කීවේය.
 
 ජනප‍්‍රිය හින්දි සිනමා නිළි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දීය සිනමා ශිල්පීන් පිරිසක් මෙරට චිත‍්‍රපටයක් රූගත කිරීමේ කටයුතු සඳහා ළඟදී මෙරටට පැමිණෙන බවට ප‍්‍රචාරය කර ඇතත් මෙතෙක් සෞඛ්‍ය අංශවලින් එවැනි සංචාරයක් සඳහා කිසිවකු අවසර ඉල්ලා නොමැති බව ඔහු අවධාරණය කළේය. මෙරට සමාජයේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කරන ලද්දේ දැඩි කැපවීම් මැද බව පෙන්වා දුන් වෛද්‍ය සුදත් සමරවීර මහතා ශ‍්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය අනතුරේ හෙළන කිසිදු විදේශීය ශිල්පීන්ගේ සංචාරයකට අවසර ලබා නොදෙන බව අවධාරණය කළේය.
 
 කොරෝනා වෛරසය මෙරට පැතිරීම තවදුරටත් පාලනය කිරීම් සඳහා පොදු ස්ථානවල ගැවසීමේදී මෙන්ම පොදු ප‍්‍රවාහන සේවාවන්වල ගමන් කිරීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්* පැළඳීම ඇතුළු කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් දිගටම අනුගමනය කරන ලෙස වෛද්‍ය සමරවීර මහතා මෙහිදී මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

15 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

15 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago