දේශීය

කිසිම රටකින්ට ශී‍්‍ර ලංකාවට එන්න අවසර නෑ..

කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම තවදුරටත් පැවතීම හේතුවෙන් ප‍්‍රසංග පැවැත්වීම, චිත‍්‍රපට තැනීම, ක‍්‍රීඩා තරග පැවැත්වීම වැනි කාර්යයන් සඳහා කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිරෙන රටවලින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට මෙම දිනවල කිසිවකුට අවසර ලබා නොදෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
 
 කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිරෙන බංග්ලාදේශයේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මෙරටට පැමිණීමේදී අඩු දින ගණනක් නිරෝධායනය වී ක‍්‍රීඩා කිරීමට අවසරය ලබා නොදුන්නාක් මෙන්ම වෛරසය පැතිරෙන ඉන්දියාවේ සිට මෙරටට චිත‍්‍රපට තැනීමේ කාර්යයන් සඳහා පැමිණීමට කිසිවකුටත් අවසර ලබා නොදෙන බව පෙරේදා (30දා* කොළඹ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවති ශ‍්‍රී ලංකාවේ වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳ ප‍්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින් වෛද්‍ය සමරවීර මහතා කීවේය.
 
 ජනප‍්‍රිය හින්දි සිනමා නිළි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දීය සිනමා ශිල්පීන් පිරිසක් මෙරට චිත‍්‍රපටයක් රූගත කිරීමේ කටයුතු සඳහා ළඟදී මෙරටට පැමිණෙන බවට ප‍්‍රචාරය කර ඇතත් මෙතෙක් සෞඛ්‍ය අංශවලින් එවැනි සංචාරයක් සඳහා කිසිවකු අවසර ඉල්ලා නොමැති බව ඔහු අවධාරණය කළේය. මෙරට සමාජයේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කරන ලද්දේ දැඩි කැපවීම් මැද බව පෙන්වා දුන් වෛද්‍ය සුදත් සමරවීර මහතා ශ‍්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය අනතුරේ හෙළන කිසිදු විදේශීය ශිල්පීන්ගේ සංචාරයකට අවසර ලබා නොදෙන බව අවධාරණය කළේය.
 
 කොරෝනා වෛරසය මෙරට පැතිරීම තවදුරටත් පාලනය කිරීම් සඳහා පොදු ස්ථානවල ගැවසීමේදී මෙන්ම පොදු ප‍්‍රවාහන සේවාවන්වල ගමන් කිරීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්* පැළඳීම ඇතුළු කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් දිගටම අනුගමනය කරන ලෙස වෛද්‍ය සමරවීර මහතා මෙහිදී මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

18 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

18 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago