විශේෂාංග

ලංකාවෙ උන් ඕල්කට් ගැන දන්නෙ එයා මෙහේ ආවට පස්සෙ කරපු ටික විතරයි…

කර්නල් ස්ටීල් ඕල්කට් කියන්නෙ ඇමරිකාවේ “වෝ ඩිපාට්මන්ට් එකේ ස්පෙෂල් කමිෂනර්” …එයා ඇමරිකානු සිවිල් යුද සමයෙදි එහේ කරපු දේවල් මෙහේ අය ටිකක් හොයල බලන්න වටිනවා…..එයා මරු වැඩ ටිකක් ඒ කාලෙදි කරලා තියෙනවා…..කොච්චර හොඳට කළාද කිව්වොත් පස්සෙ කාළෙක ඉන්වෙස්ටිගේෂන්ස් පවා ආවා…..ඒ එනකොට එයා මෙහේ….

පස්සෙ එයා “තියොසොෆිකල් සොසයිටි ” කියලා එකක් හදන්න උදව් වුනා…. මේකට සම්බන්ධ වෙච්ච 18 දෙනාගෙන් ප්‍රමුඛ උනේ මෙයයි, හෙලේනා බ්ලැවෙස්කියි, විල් ක්වාන් ජජ් කියන පොරයි…. ක්වාන් ජජ් කියන්නෙ “ආගමික කල්ලි ” කාරයෙක් වගේම අමුතු විශ්වාස ගොඩක් ( ඔකල්ට් විශ්වාස ) තිබිච්ච කෙනෙක්….සමහරු එයා දරුණු හොමිසයිඩල් මානසික රෝගියෙක් විදියටත් හඳුන්වනවා … තවත් සමහරු එයා ඇමරිකාවේ රාස්පුටීන් කියලත් හඳුන්වා……කොහොම උනත් මේ තියොසොෆිකල් සොසයිටිය විවිධ බැබිලෝනික, සාතනික ලකුණු සහිත කොඩි දාපු පිරිසක් නිසා, නිව් යෝර්ක් නුවර වැඩිකල් ඉන්න ලැබුනේ නෑ…. පස්සෙ ඉන්දියාවේ සහ හවායි වල අණවින කොඩිවින කාරයො රොත්තකුත් එකතු කරගෙන “ජෛන, මහායාන, වේදාන්ත, සූෆි” වගේ එක එක පෙරදිග චින්තනයන් එකතු කරලා කොත්තුවක් හැදුවා…..ඒ කල්ලියට සම්බන්ධ සමහර අය “බ්ලැක් මැජික්” කාරයන් ලෙස හංවඩු ගැහුණු අය….

මේ ඉන්නෙ විල් ක්වාන් ජජ් කියන ඩෑල් එක…..ඕල්කට් ලංකාවේ “බෞද්ධ පුනරුදයක්” කරනවා කියලා කරපු දේවල් ටිකම තමයි මෙයා ඉන්දියාවට කලේ…. මෙයා “හින්දු පුනරුදයක්” ඇති කරා…..ඒකෙ ප්‍රතිඵලය හැටියට ඉන්දියාවේ ක්‍රිස්තියානි විරෝධී ගැටුම් ඇතිවෙලා, ඇතිවෙමින් පැවති තරමක ඓහික පසුබිමක් සහිත නිදහස් අරගලය තාවකාළිකව යටපත් උනා…..

මේ තියෙන්නෙ එයාලගෙ තියොසොෆිකල් මෙව්වා එකේ සංකේතය…. මේක තමයි ඇමරිකාවෙදි දරුණු විදියට ප්‍රතික්ෂේප උනේ….

ඔය මැද තියෙන තරුවට කියන්නෙ දාවිත්ගේ තරුව කියලා…..ජුදා ආගමිකයන්ගේ ප්‍රධාන සංකේතයක්….තව ඔතන තියෙනවා ස්වස්ථිකය…ඕම් කාරය….අගුරුබොරොව් හෙවත් ඊජිප්තුවේ මකරා සිය වලිගය විකාගන්නා ලකුණ….ඕවා අතරින් දාවිත්ගේ තරුව හැර අනෙක් සියල්ල ඇමරිකානු ක්‍රිස්තියානි සමාජයේ තහනම් …

ළමා අපචාර ගැන චෝදනාව ඕල්කට්ට සහ ක්වාන් ජජ්ට දෙන්නටම ආවා…. ඕල්කට් සූෆි නම් ඉස්ලාමික නිකායට අයත් පිරිසකගේ දරුවන්ව ඉන්දියාවේ කොයිම්බතූර් වලදි අපචාරයට ලක් කරා කියලා චෝදනාවක් තිබුනා….ජජ්ට නම් චෝදනා එකක් නෙමෙයි රොත්තක්ම තියෙනවා….ඒවා අතර “හූණියම් කරන්නට උත්සාහ කිරීම, විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන්න ගිහින් රෝගීන් කිහිප දෙනෙකු මිය යෑම” වගේ ගොඩක් ඒවා තියෙනවා…..

බ්ලැවිස්කි නැමැත්තිය කළු වස්ත්‍ර පමණක් අඳින, නිතර කෝපගන්නා, අයිරිස් දෙවඟනගේ පිළිරුවක් තබාගෙන වඳින අද්භූත චරිතයක් ලෙසයි ඉන්දියාවෙ ප්‍රකට…..ඇය අවසන් කාළය ගතකලේ එන්ගලන්තයේ ලන්ඩන් වල…. “ලූසිෆර්” නම් සඟරාවක් ඇය හඳුන්වා දුන්නා….ලූසිෆර් කියන්නෙ කිතු දහමට අනුව යක්ෂයාගේ මෙලොව උත්පත්තියට කියන නම….අවසන් වසර කිහිපය “මනෝ භ්‍රාන්තික රූප” හෙවත් හැලුසිනේෂන්ස් පේන, භූත බලවේග එක්ක කථා කරන, අවසිහියෙන් ජීවත් වෙච්ච කාන්තාවක් ලෙසටයි බ්ලැවිස්කි ප්‍රකට….

මේ අයට විශාල වශයෙන් මුදල් ලැබුනේ කාගෙන්ද කියන එක මේ අය ගැන ගවේෂණය කරපු හැමෝටම ගැටලුවක්…. ඒ වගේම, මෙයාලා ලෝකයේ සියලු ආගම් වලින් හදාගත්තු විකෘතිය අත්හදා බලන්න දකුණු ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ මිනිසුන් පරීක්ෂණාගාර මීයන් ලෙස යොදාගත්තු බව නම් පැහැදිලියි….

ක්‍රිස්තියානි ආගමෙත් මෙයාල විවිධ කල්ලි හැදුවා…..ඒ කල්ලි හැදුවෙ යුරෝපයේ….දකුණු ආසියාවේ හින්දු සහ බෞද්ධ ඊනියා පුනරුදය ගැන මෙහේ අය හිතාගෙන හිටියට, ඒවා ඒ අය දන්නෙ නෑ….

මේ රටේ තියෙන දාර්ශණික සහ සංස්කෘතික අනන්‍යතාවයේ දුප්පත්කම තමයි ඉතින් ඔය පේන්නෙ….ඕනම රටකින් ඕනම මොළේ අමාරුකාරයො රොත්තක් ඇවිත් මොකක් හරි බිල්ඩිමක් හදල දීලා, පොඩි උන් ටිකක් වටකරගෙන මොකක් හරි ජෝගියක් නැටුවොත් අපේ අයට ඒ යක්කු කවුද, කොහෙන්ද ආවේ, කින්දමන්ද අදාලම නෑ…..අන්තිමට ඇරලම යනකල් දන්නෙ නෑ…

දැන් කියලා වෙනසක් නෑනෙ……

Damith Kethaka

වැඩිම ලමා අපචාර චෝදනා තියෙන්නෙ ලිඩ් බීටර් ට
ලිඩ් බීටර් ආනන්දයේ පලමු විදුහල්පති
ඔහු එහි පලමු සිසුවා කුරුප්පුමුල්ලගේ ජිනරාජදාසවම වැඩේට ගන්නවා
එතන අපචාරකයින් ගෙ කවයක් බිහි වෙනවා

ඔවුන් කියනවා ජිනරාජදාස – ඡ්ත්ත මානවකයගෙ නැවත ඉපදීම කියලා

මේ අපචාර කල්ලිය ඒවා මොන තරම් තදට ගොතනවද කියනව නම් ඔවුන් පාසැලේ ඡ්ත්ත මානවක ගාථා පවා කියන්න ගන්නවා

ඒ පටන් ගැනීම තමා, රට පුරා පාසැළ් වල යෝවද තම්පව කියන්නෙ

බලංගොඩ උන්නාන්සෙලත් ඕකෙ ඉන්නවා

ලීඩ් බීටර් ම තමා මුහුදු වෙරලදි හමු උන පොඩි කොල්ලෙක් වූ ක්‍රිශ්නමූර්තිව මේකට ගේන්නෙ

පසු කාලීනව ක්‍රිශ්නමූර්ති නොකියා කියනවා ලිඩ් බීටර් ගැන

මට තේරුන තරමට මේ ලමා අපචාර කල්ලිය හෙලේනා බ්ලැවැට්ස්කි සමග ගැටෙනවා

අදටත් බ්ලැවැට්ස්කි වෙබ් අඩවිය ලිඩ් බීටර් ට ගහනවා

https://blavatskytheosophy.com/the-unavoidable-facts-about…/

Subhaga Herath

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

1 day ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

1 day ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

2 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

2 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

2 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

2 days ago