දේශීය

වැසි වනාන්තර හරහා මහා මාර්ග ඉදිකරීම

වැසි වනාන්තර හරහා මහා මාර්ග ඉදිකරීමට ගොස් අවසානයේ එය මහා පාරිසරික ව්‍යසනය බවට පත් වූ සිද්ධීන් ගැන කතා කරන විට මට නිතැතින්ම සිහි වන්නේ බ්‍රසීලයේ ට්‍රාන්ස්-ඇමසෝනියානු අධිවේගී මාර්ගයයි.

ට්‍රාන්ස්-ඇමසෝනියානු අධිවේගී මාර්ගය යනු ඇමසන් වනාන්තරයේ හදවත බඳු බිම් පෙදෙසක් හරහා ගමන් කරන , කිලෝමීටර් 5,100 ක පමණ දිගින් යුතු මාර්ගයකි. එම මාර්ගය බ්‍රසීලයේ ඊසානදිග වෙරළබඩ නගරයක් වන ජොආනෝ පෙසෝවා සිට පේරු දේශ සීමාව දක්වා ගමන් කරයි.

මෙම මාර්ගය ඉදිකිරීමට යාම එදා මෙදා තුර මිනිසා විසින් සිදුකළ බරපතළම පාරසරික ව්‍යසනයකි.

1972 වර්ෂයේ බ්‍රසීලයේ මිලිටරි පාලක ජෙනරාල් මෙඩිසිගේ රජය විසින් කිලෝමීටර් 3,200 ක අධිවේගී මාර්ගයක් ඇමසන් වනාන්තරය හරහා ඉදිකිරීමට පටන් ගත්තේය. මෙහි ප්‍රධාන අරමුණ වූයේ නියඟයෙන් පීඩා විඳි උතුරේ ජනපදවාසීන්ට වගා කිරීමට ඉඩම් ලබා දීමත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇමසන් වනාන්තරයේ දැව හා ඛනිජ සම්පත් උකහා ගැනීමටත්ය.

වැසි වනාන්තරය හරහා දිවෙන මාර්ගයක් විවෘත කර දුප්පතුන්ට රැකියා වෙළඳපොලවල් බිහිකිරීමත් මෙම මාර්ගය සැලසුම් කිරීමේ තවත් අරමුණක් විය.

ට්‍රාන්ස්-ඇමසෝනියානු මාර්ගය ඉදිකිරීමෙන් පසු 1980 දශකයේ මුල් භාගය වන විට මිලියන දහයක ජනතාවක් ඇමසන් වනාන්තරයේ පදිංචි කරවීම බ්‍රසීල රජයේ අභිලාශය විය.එක් පවුලකට අක්කර 250 ක බිම් කැබැල්ලක්, මාස හයක වැටුපක් සහ කෘෂිකාර්මික ණයක් ලබා දීමටද සැළසුම් කෙරිණ.

වනාන්තරයේ පදිංචි කළ පවුල් විසින් වගා කරන බෝංචි , සහල් සහ බඩ ඉරිඟු ටොන් මිලියන ගණනක් දේශීය වෙළඳපොළට සැපයීමටත් කෝපි , කොකෝවා , ගම්මිරිස් , දොඩම් සහ වෙනත් භෝග අපනයනය කර ඩොලර් මිලියන ගණනක් ඉපැයීමටත් බ්‍රසීල රජය සිහින දැකීය.

බ්‍රසීල මිලිටරි ජුන්ටාව ඇමසන් වැසි වනාන්තරයේ ඡෛව විවිධත්වය සහ පස් සංයුතිය පිළිබද තඹ සතේකවත් තැකීමක් නොකර මෙම ව්‍යාපෘතිය යුහුසුළුව ක්‍රියාත්මක කර වීය.

ඇමේසන් ද්‍රෝණියේ පස මඩ සහිත අවසාදිත වලින් සමන්විත වන නිසා පාරවල් සෑදීම ඉතා අසීරු කටයුත්තක් විය.ඇමේසන් කලාපයට ලැබෙන අධික වර්ෂාපතනය නිසා සෑම වසරකම මාස හයක් පමණ කාලයක් මාර්ග ජලයෙන් යට විය.වනාන්තර එළිපෙහිලි කල නිසා පාංශු ඛාදනය ඇතිවී ඇමේසෝනියානු පසෙහි සාරවත් පස් තට්ටුව ගසා ගෙන ගොස් භෝග වල අස්වැන්න අඩු විය.

පසෙහි සාරවත් බව අඩු වන්නන්ට අඩු වන්නට ගොවියන් කළේ ඇමේසන් කැලය කපමින් අලුත් වගා බිම් ඇති කිරීමය. කිසි කලෙක පොරෝ පහරක වේදනාව නොදත් මහා වෘක්ෂයෝ කෙසල් කදන් මෙන් බිම ඇද හැළෙන්නට විය. ඉන්පසු ඒවා කෙලින්ම යැවුනේ දැව කර්මාන්ත ශාලවලටය.කැලෑ එළි පෙහෙළි කිරීමෙන් ඉතිරි වූ බිම් වල බොක්සයිට්, තඹ, යකඩ, මැන්ගනීස් පතල් කර්මාන්තය ජයටම සිදු විය.

ට්‍රාන්ස්-ඇමසෝනියානු අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු ඇමසන් වනාන්තරයේ වන විනාශය කිසිදා නොවූ විරු අයුරින් ඉහළ ගියේය.මෙම අධිවේගී මාර්ගය ඉදිකිරිම නිසා සිදුවූ ඇමසන් මහා වනාන්තර විනාශය මේ ලිපිය ලියන මොහොත දක්වාම පවතී.1990 දශකයේ හා 2000 දශක දී , වර්ග කිලෝමීටර් 25,000 කට වඩා වැඩි වනාන්තර ප්‍රමාණයක් මේ අධිවේගී මාර්ගය නිසා ඇමසන් වනයට අහිමි විය.

1974 වර්ෂයේ ජුනි මාසය දක්වාම ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය ඉන් ලැබූ අසාර්ථකත්වය නිසා අත්හැර දැමුවේය. ඒ වන විටත් පවුල් 20,000 ක පමණ මෙම කලාපයට පැමිණ සිටි අතර රාජ්‍ය අනුග්‍රහය නොලැබී යාමෙන් ඔවුන් අන්ත අසරණ තත්වයට පත් විය. එහි පලිය ගැණුණේද ඇමසන් වනයෙනි.

අද මේ මාර්ගයේ ගමනාගමනය ඉතා අල්පය. නොවැම්බර් සිට අප්‍රියෙල් දක්වා ඇමසෝනියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවෙන් මේ මාර්ගය එකම මඩ ගොහොරුවක් වෙයි.

රටක් සංවර්ධනය කිරීමට නම් යටිතල පහසුකම් දියුණු කල යුතුය..ඒ ගැන තර්කයක් නැත.නමුත් මුලු මිනිස් සංහතියටම අමිල සේවයක් ඉටුකරන මහා වැසි වනාන්තර කපා දමමින් සිදු කරන්නට යන සංවර්ධනයේ ඇති ඵලය කිම…එය අප විසින් අපේම වල කපා ගැනීමක් නොවන්නේද….!

The Attic Window

Recent Posts

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

4 hours ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

2 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

2 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

3 days ago

සජිත් හා චීන තානා­පති අතර හමු­වක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ තානා­පති චී ෂෙන්හොං (Qi…

3 days ago