විශේෂාංග

වික්‍රමාන්විත ගරිල්ලා චේ

1928 ජුනි 14 වෙනි දින ආර්ජන්ටිනා වේදී උපත ලද ශ්‍රේෂ්ට විප්ලවවාදියා.

20 වෙනි සියවසේ ජනතාවට සුවිසල බලපෑමක් හා ආකර්ශනයක් ඇතිකල දේශපාලන ප්‍රතිරූපය චේ ගුවෙරායි..

බුවනස් අයස් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාදිය ලත් හෙතම ලතින් ඇමරිකාව පුරා සැරිසරමින් පිඩිත ජනතාවගේ ජිවන අරගලය වෙනුවෙන් සිය තුරුණු දිවිය කැපකළ අසහාය ලතින් ඇමරිකානුවා ඔහුයි.

චේ දරුණු ලෙසම ඇදුම රෝගයෙන් කුඩා කල සිටම පීඩා වින්දා.නමුත් චේ සතුව ඇති ආත්ම විශ්වාසයත් නොපසු බට උත්සාහයත් නිසා ඔහු ජීවිතය ජය ගැනීමට මූල් වුනා.

මුල් වසර නවය තුලම පාසැල් අධ්‍යාපනය නොලද නමුත් තමාගේ උත්සහය හා කැපවීම නිසා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ඔහු වරම් ලැබුවා.

බුවර්නොස් අයර්ස් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන ලබන සමයේ චේ ඉතා ආකර්ශණිය චරිතයක් .තරුණ වයසේ පසු වූ ඔහුට අපූරු මිත්‍රයෙක්ද මුණ ගැසුනා නමින් ඔහු ගරැනාඩෝය. චේ ඔහු සමග මාස 9ක් පුරාවටම ලතින් ඇමෙරිකාවේ සංචාරය කළේය.

මේ අතර තුර ඔහුගේ සිත වික්ෂ්පතව ගියහ.ඒ එකල මිනිසුන් පත්ව ඇති අසරණ භාවය නිසාය.අධිරාජ්‍යවාදීන්ගේ පයට පෑගී තිබූ ලතින් අමෙරිකාවේ ශ්‍රෙෂ්ට ඉතිහාසය විනාශ වෙමින් පැවතීමත් ලතින් අමෙරිකානු රටවල සම්පත් අධිරාජ්‍යවාදීන් විසින් කොල්ල කනු ආකාරයත් චේ මැනවින් දුටුවේය.

චේ ගේ මානුශීය හැගීම් එලියට අවේය.සිත සසල වී ගියේය.කෙසේ හෝ මෙය වෙනස් කල යුතු යැයි ඔහුගේ ඒකායන අරමුණ විය.ඒ බව ඔහු විසින් ලියා ඇති තම සංචාරය පිළිබද සටහන් වල දක්නට ඇති බව වාර්තා වේ.

මෙවැනි තත්වයක් තුල ලතින් ඇමෙරිකාවේ පාලන තන්ත්‍රයන් වෙනස් කිරීම කෙරෙහි චේ ගේ අවදානය යොමු විය.පසු කාලීනව ඔහුගේ එක් පැතුමක් ඉටු වුනේ ෆිදෙල් කස්ත්‍රෝ සමග කියුබාවේ බැටිස්ටා පාලනය පෙරළිමට හැකි වීමයි.ඒ තුලින් අධිරාජ්‍ය විරෝධි රාජ්‍යක් බිහි කිරීමටත් රට වැසියන්ට සතුටින් හා සහජීවනයෙන් කල් ගෙවීමටත් හැකි කියුබාවක් ගොඩනැගීමට කස්ත්‍රෝ සහෝදරයින් ඇතුලු චේ ගුවේරා සමත් විය.

කියුබාව බැටිස්ටා පාලනයෙන් මුදවා ගැනීමට චේ දුන් අපරිමේය සහයට ඔහුට කියුබානු නව රජයේ විවිධ අමාත්‍ය දූර හිමි විය.මුදල් අමාත්‍ය දූරය ,කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දූරය, වැනි දූර ඔහු දැරුවේය.එසේම කියුබානු පුරවැසි බාවයද ලැබුනේය.

ඔහු තුල වූ සැබෑ විප්ලවීය අදහස් නිසාම ගොඩනැගිලි මංමාවත් ආදිය තැනීමට කායික ශ්‍රමය පවා යෙදවීය.දහස් ගණන් කියුබානු ජනයා ඔහුට ආදරය කරන්නේ එබැවිනි.

1965දී චේ හදිස්සියේම අතුරුදහන් විය.ඔහු ගැන කිසි තොරතුරක් සොයාගත නොහැකිවිය.ෆිදෙල්ගේ නව රජය අත හැර තම බිරිදත් දරුවනුත් අත හැර සැගිවීය.කොහේද ඔහු ගියේ?

මේ කාලයේදී බොලෙවියාවේද විප්ලවයක් ඇති වෙමින් පවතුණි.අති දක්ශ ගරිල්ලා සටන් ශිල්පියෙක් වූ චේ සැගවී යන්නේ බොලෙවියානු විප්ලවයට සහාය දැක්වීමටයි.බොලෙවියාවට චේ ඇතුල් වන්නේ රමොන් නමින් වෛද්‍යවරයෙනු ලෙසයි.ඔහු බොලෙවියානු විප්ලවයට සම්බන්ධ වී ගරිල්ලා සටන් ආරම්භ කළහ.

වර්ෂ 1967 ඔක්තෝම්බර් 8දින මුලු ලෝකයාගේම අවධාන යොමු වූ දිනක් බවට පත් වූයේ චේ ගේ මූලිකත්වයෙන් ගෙන ගිය ගරිල්ලා සටන් අසාර්ථක වීම නිසාය.ඒ පමණක් නොව එදින චේ ටත් අවාසනාවන්තම, අවසන් දිනයම විය.

එදින යුරෝ දුර්ගයෙදි චේ ගේ ගරිල්ලා කණ්ඩායම හා බොලෙවියානු හමුදා අතර දරුණු සටන් පැවතුණි.එහිදි අවාසනාවන්ත ලෙස වෙඩි පහරකට ලක් වන චේ ගුවෙරා බොලෙවියානු හමුදා විසින් යටත් කරගත්හ.පසුදින එනම් 1967 ඔක්තෝම්බර් 9දින බොලෙවියාවේ ලා හිගුවෙරා වේ අබලන් වූ පාසැල් ගොඩනැගිල්ලක් තුලට චේ රැගෙන ආවේ වෙඩි තබා මරා දැමීමටයි.

මේ එවිට ඔහුගේ මුවින් පිට වූ වදන් කිහිපයක්.

නුදුරු අනාගතයේම ජයග්‍රාහි විප්ලවයක් අමෙරිකාවෙන් පැන නගින බව ෆිදෙල්ට කියන්න.

මගේ බිරිදටත් දරුවන්ටත් සතුටින් ජීවත් වන්න කියන්න.බිරිදට නැවත විවාහයක් කරගන්න කියන්න.

මං කැමති නෑ මෙහෙම මැරෙන්න.හොදට බඩ පිරිලා තියෙද්දි මැරෙන්නයි මං කැමතියි.

ඔහේලා මට වෙඩි තියන්න යන බවත් මං දන්නවා.මගේ අතින් වූ එකම වැරැද්ද පණ පිටින් උබලගේ අතට අහු වුන එක.

දැන ගනිල්ලා උබලා මේ යන්නේ මිනිහෙක් මරන්න කියලා.

පසුව ඒ උතුම් මානව හිතවාදීයාගේ ජීවිකාව නිමා කරන්නට ඇමෙරිකානු හමුදාවන් ගේ සහාය ඇතිව කටයුතු කළහ.ඒ වන විට චේට වයස අවුරුදු 39කි.

චේ ගුවෙරා සංවේදිය.මිනිසුන්ගේ අසරණකම වෙනුවෙන් කැප කරන්නට හැකි සියලු දේ කැප කරයි.අවසන තම ජීවිතයද කැප කලේ ඒ උතුම් මානව හිතවාදීත්වය නිසාය.

ක්ෂේත්‍ර ගණනාවකින් ඔහු දස්කම් පෑහ.විටෙක ඔහු වෛද්‍යවරයෙකි.විටෙක දේශගවේශකයෙකි.තවත් විටෙක රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.තව විටෙක ලේඛකයෙකි.තවත් විටෙක ගරිල්ලා සටන් ශිල්පියෙකි.තවත් විටෙක උතුම් මානව ගුණධර්ම රැදී අපූර්වතම චරිතයකි.

වරෙක ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.

“යටත්විජිතවාදීන්ට විරුද්ධව අපි තියනු ලබන සියලු අඩිතාලම් ඔවුන්ට විරුද්ධව මතුවන සටනේ රණ බෙර හඩ වෙනවා.මේ සටන මුලු මහත් මිනිසාගේ විශාලතම සතුරාට එරෙහිව හටගන්නා එකගතාවයට ගෞරව කිරීමට ගායනා කරන යුධ ගීතය.මෙයින් අපි මරණය නිසා පරාජය වුවහොත් අපෙන් ගිලිහෙන අවි නැවත අත් කර ගැනීමට තවත් පිරිසක් අනාගතයේ බිහි වේවි. “

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

1 day ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

4 days ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

1 week ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

3 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

3 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

3 weeks ago