දේශීය

යුද්ධ හමුදාව ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර ආලෝකමත් කිරීමට ‘කොප්පරා’ පූජා කරයි

කොවිඩ් – 19 වෛරසය දිවයින පුරා පැතිරීම පාලනය කිරීමේ ජාතික අභියෝගාත්මක කර්තව්‍යය මධ්‍යයේ වුවද, වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කිරීම සඳහා මහනුවර වීදි ආලෝකමත් කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් සම්ප්‍රදායිකව චාරිත්‍රයක් ලෙස අඛණ්ඩව 07 වන වරටත් කොප්පරා ශ්‍රී දළඳා මාලිගාව වෙත පූජා කරනු ලැබුහ.

කාර්යබහුලත්වය මධ්‍යයේ වුවද අද (15) දින උදෑසන ශ්‍රී දළඳා මාලිගාව වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟන් එක්වකොප්පරා බහාලුමක් ශ්‍රී දළදා මාලිගාවේ දියවඬන නිළමේ වෙත සංකේතාත්මකව පිරිනැමීය.

වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යයට ගෞරවයක් ලෙස, පෙරහැර විදී සංචාරය කරන මාර්ග ආලෝකමත් කිරීම සඳහා වර්ෂ 2014 සිට කුරුණෑගල, බෝයගනේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොප්පරා පූජා කරනු ලබති. මෙවර මෙම අතිඋතුම් පුන්‍යකර්මය විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබීනි. වාර්ෂික ඇසළ පෙරහැර පුරා ආලෝකය සහ නැවුම්බව පවත්වාගැනීමේ අරමුණින් බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පෙරහැර මංගල්‍යය ආරම්භවීමට මාස තුනකට පෙර සිටම පොල් වියළීම ආරම්භ කරනු ලැබේ. එහිදී, පුරාණ පිළිවෙත්, ආගමික වත්පිළිවෙත් හා පැරණි සම්ප්‍රදායන්ට අනුකූලව එම කටයුතු සිදුකරනු ලබයි.

අද දින, මෙම ඓතිහාසික අවස්ථාවට එක් වූ යුද්ධ හමුදාධිපතිතුමන්, දියවඩන නිලමේතුමන් සහ ශ්‍රී දළඳා මාලිගාවේ කළමණාකරු විසින් මහත් හරසරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ඉහළ මහලේ පිහිටි අති උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබාගත්තේය. රටවැසියන්ට, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සටන් වදින සියළුම පාර්ශවකරුවන්ට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආශිර්වාද එක්කරමින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම රෙජිමේන්තු පරිශ්‍රයේ පිහිටි පොල් වගාව තුළින් එක්රැස් කර සකසන ලද කොප්පරා තොගය සාම්ප්‍රදායික බෙර වාදනයන් මධ්‍යයේ ශ්‍රී දළඳා මාලිගාව වෙත පරිත්‍යාග කළහ.

මෙම පුණ්‍යමය වැඩසටහන අවසන, ශ්‍රී දළදා මාලිගාවේ කළමනාකාරිත්වය විසින් දිවයින තුළ මේ වනවිට පවතින තත්ත්වය හා හමුදාවන් හි දායකත්වය පිළිබඳව දළදා මාලිගාව වෙනුවෙන් සකසා ඇති මුහුණු පොත් පිටුවෙහි සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඇරයුම් කරන ලදී. අනතුරුව, එහි රැස්ව සිටි මාධ්‍යවේදින් විමසන ලද ගැටලු සඳහා පිලිතුරු දෙමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කලේ “කිසිසේත්ම යුද්ධ හමුදාව මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ නොවන බවත් එය පොලිසියේ විෂය පථයට අයත් රාජකාරියක් බවත් යුද්ධ හමුදාවට පොලිසියට සහය විය හැක්කේ එය ඔවුන් විසින් ඉල්ලුම් කළ විටක පමණක් ලෙසය.”

මෙදින වැඩසටහන සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සිසිර පිළපිටිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගී වූහ.

Recent Posts

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

11 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

11 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

11 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

4 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago