Categories: සංචාරේ

මන්දාරම්_නුවර

මන්දාරම් පරිසරයක , මීදුමෙන් පිරි කදු අතර , මිතුරන් සමග කදවුරු බැද රාත්‍රයක් ගත කිරීමට නම් , හොදම තැන මන්දාරම් නුවර යි, මෙම ප්‍රදේශය ශ්‍රීලංකාවට ස්භාදහමෙන් ලැබුනු අපූරු දායාදයකි ,මෙම නගරයේ ඉතිහාසය රාවණ රජ කාලය දක්වා විහිදී යන බව මතයක් ඇත.

මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි කුඩා ගම්මානයකි .දවසේ වැඩි කාලයක් මීදුමෙන් වැසී ඇති නිසා මෙම නගරය ” misty city ” නමින් හදුන්වයි.

මෙම නගරයට පැමිණිමට පහසුම මාර්ගය වන්නේ, මහනුවර – රිකිල්ලගස්කඩට පැමිණ එතැන් සිට පදියපැලල්ලට පැමිණ උඩහට 12km ආ විට මෙම නගරයට පිවිසිය හැක.

භූගෝලීය පිහිටීම නිසා ගමට වර්ෂයේ වැඩි කාලයක් වර්ෂාව ලැබේ,මීදුමෙන් වැසුනු කදු පන්ති, දිය ඇලි හා විවිධ ශාක හා සතුන් ගෙන් පිරුණු පරිසරය නගරයේ සුන්දරත්වය තවත් වැඩි කරයි.

මෙම නගරයේ ඇති දිය ඇලි ලෙස කොලොපන දිය ඇල්ල, බෙරගහන දිය ඇල්ල, කබරගල දිය ඇල්ල, දාසය දිය ඇල්ල, බෝපත් ඇල්ල හා ගල් පාලම ලග දිය ඇල්ල වේ, ඊට අමතරව කබරගල තේ වතු යාය හා පයිනස් වතු යාය සංචාරකයන් වන අපට නැරඹීමට හැකි ස්ථාන වේ.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago