Friday, October 16, 2026
Homeදේශීයහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීම කල් යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීම කල් යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (24) නැවතත් මෙරටට පැමිණීමට නියමිත බව මීට පෙර වාර්තා වී තිබුණා. රොයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා එළඹෙන සැප්තැම්බර් මුල් සතිය දක්වා තායිලන්තයේ රැදී සිටිනු ඇති බවයි.

තයිලන්තයේ රැදී සිටීම සඳහා වැය වන අධික වියදම් හිටපු ජනාධිපතිවරයාගේ ලංකා ගමන ඉක්මන් කිරීම සඳහා හේතුවක් වී ඇති බවත් ආරක්ෂාව තහවුරු කළහොත් සැප්තැම්බර් මුල් සතියට පෙර හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණෙනු ඇතැයි ද, රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   සිසු විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්