Friday, October 16, 2026
Homeදේශීයනෝ ඩීල් ගමෙන් එක්සත් ජාතින්ගේ කාර්යාලයට ලිපියක්

නෝ ඩීල් ගමෙන් එක්සත් ජාතින්ගේ කාර්යාලයට ලිපියක්

වත්මන් පාලනයට එරෙහිව විරෝධතාවය ගෙන යන නෝ ඩීල් ගම අරගල කරුවන් විසින් මෙරට එක්සත් ජාතින්ගේ කාර්යාලයට වෙත ලිපියක් භාර දි තිබෙනවා. භික්ෂූන් වහන්සේ ඇතළු විරෝධතා කරුවන් කිහිප දෙනෙකු විසින් අද පෙරවරුවේ මෙලෙස ලිපියක් භාර දී තිබුණා.දිගුකාලයක් දුශිත පාලකයන්ට එරෙහිව තම විරොධතාවය ගෙන ගියත් තවදරටත් දූශිත මර්ධනකාරී පාලනයම ස්ථාවර කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කර ඇති බවත් ජනතාව එපා කී අයම නැවත රටේ පාලකයන් ලෙස පත්කිරීම ජනතාවගේ කැමත්තට අනුව සිදු නොවුන එකක් බවත් දන්වමින් ලිපියක් ඉදිරිපත් කළ බව අරගලකරුවන් ප්‍රකාශ කර සිටියා. අරගල කරුවන්ගේ ජීවිතයන් තර්ජනයට ලක්වීම පිලිබඳවත් ඔවුන් මධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

READ:   ආරාධනා ලැබුණොත් ජනපතිකම බාරගන්න සූදානම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්