Thursday, July 16, 2026
Homeදේශීයඅන්ත­ර්ජා­ල­යට අන­ව­ස­ර­යෙන් චිත්‍ර­පට දැම්මොත් ලක්ෂ 5ක දඩ­යක් හා සිර­ද­ඬු­වම් - නීති සංශෝ­ධ­න­යට...

අන්ත­ර්ජා­ල­යට අන­ව­ස­ර­යෙන් චිත්‍ර­පට දැම්මොත් ලක්ෂ 5ක දඩ­යක් හා සිර­ද­ඬු­වම් – නීති සංශෝ­ධ­න­යට පිය­වර

file

සිනමා නිර්මාණ නිෂ්පා­ද­ක­ව­රුන්ගේ අව­ස­ර­ය­කින් තොරව අන­ව­ස­ර­යෙන් අන්ත­ර්ජා­ල­යට හා සමාජ මාධ්‍ය වෙත මුදා­හ­රින පුද්ග­ල­යන්ට පන­වන දඩය රුපි­යල් ලක්ෂ පහ දක්වා වැඩි කිරී­මට සහ සිර­ද­ඬු­වම් පැමි­ණ­වී­මට අවශ්‍ය නීති­මය සංශෝ­ධන සිදු කිරී­මට රජයේ අව­ධා­නය යොමුව තිබේ.

දැනට පව­තින නීතිය යටතේ මෙවැනි වර­ද­කට පන­වනු ලබන රුපි­යල් 5,000ක දඩය ප්‍රමා­ණ­වත් නොවන බැවින්, එය අවම වශ­යෙන් ලක්ෂ පහක් දක්වා වැඩි කිරී­ම­ටත්, වසර දෙකක අත්හි­ටුවූ සිර­ද­ඬු­ව­මක් හෝ මාස­යක සිර­ද­ඬු­ව­මක් ලබා­දී­මට හැකි වන පරිදි නීති සකස් කිරී­ම­ටත් මෙහිදී යෝජනා වී ඇත.

චිත්‍ර­පට ක්ෂේත්‍රය මුහු­ණදී ඇති මෙම බර­ප­තළ ගැට­ලුව සම්බ­න්ධ­යෙන් වූ විශේෂ සාක­ච්ඡා­වක් පසු­ගි­යදා ජාතික චිත්‍ර­පට සංස්ථාවේ සභා­පති සුදත් මහ­දි­වු­ල්වැව මහ­තාගේ සහ එහි සාමා­න්‍යා­ධි­කා­රි­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එම සංස්ථා පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණි. මෙම හමුව සඳහා චිත්‍ර­පට නිෂ්පා­ද­ක­වරු හා අධ්‍ය­ක්ෂ­වරු 25කට අධික පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.

මෙහිදී අනා­ව­ර­ණය වූයේ, වර්ත­මා­නය වන විට සිනමා නිර්මාණ කිසිදු හිරි­කි­ත­ය­කින් තොරව සහ නිෂ්පා­ද­ක­ව­ර­යාගේ අනු­දැ­නු­ම­කින් තොරව විවිධ වෙබ් අඩවි, OTT ප්ලැට්ෆෝම් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා­ව­ලට එක් කිරීමේ ප්‍රව­ණ­තා­වක් පව­තින බවයි. මෙවැනි ජාවා­රම් මඟින් ඇතැම් පුද්ග­ල­යන් රුපි­යල් දහස් ගණ­නින් මුදල් උප­යන නමුත්, ඔවුන්ට එරෙ­හිව පව­තින දඩ මුදල ඉතා සුළු අග­යක් ගැනීම හේතු­වෙන් වැර­දි­ක­රු­වන් නීතිය මඟ­හැ­රී­මට හෝ එය නොස­ලකා හැරී­මට පෙලඹී සිටින බව පෙන්වා දෙන ලදි.

මෙම තත්ත්වය පාල­නය කිරීම සඳහා අධි­ක­රණ අමා­ත්‍යාං­ශය සහ ඩිජි­ටල් කට­යුතු පිළි­බඳ අමා­ත්‍යාං­ශය සමඟ එක්ව කඩි­න­මින් නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මට මෙහිදී තීර­ණය විය. ඒ අනුව, අදාළ නීති­මය සංශෝ­ධන සම්බ­න්ධ­යෙන් ලබන සති­යේදී අධි­ක­රණ අමා­ත්‍ය­ව­රයා, ඩිජි­ටල් කට­යුතු පිළි­බඳ අමා­ත්‍ය­ව­රයා සහ සංස්කෘ­තික අමා­ත්‍ය­ව­රයා සමඟ තීර­ණා­ත්මක සාක­ච්ඡා­වක් පැවැ­ත්වී­මට නිය­මි­තය. මෙම නව නීති පද්ධ­තිය හරහා චිත්‍ර­පට කොල්ලය (Piracy) වැළැ­ක්වී­ම­ටත්, ක්ෂේත්‍රයේ ප්‍රග­ම­න­ය­ටත් දැඩි බල­පෑ­මක් ඇති කරනු ඇතැයි බලා­පො­රොත්තු වේ.

ඉරෝෂා දීපානි

උපුටා ගැනීම – දිනමිණ

READ:   “වෙල්නස් විලේජ්” යටතේ බියගමට අංග සම්පූර්ණ රෝහලක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්