Thursday, April 30, 2026
Homeදේශීයඅනුර කුමාර දිසානායක අටමස්ථානාධිපති හිමි හමුවෙයි

අනුර කුමාර දිසානායක අටමස්ථානාධිපති හිමි හමුවෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) පස්වරුවේ ශ්‍රී මහා බෝධි මහා මළුවේදී අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් හමුවුණා.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා.

මේ අතර එදිනම පස්වරුවේ අනුර කුමාර මහතා රුවන්වැලි මහා සෑ විහාරයේ අනුනායක හිමිපාණන් වහන්සේ ද හමුවුණා.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සහ මහාචාර්ය සේන නානායක්කාර මහතාද සහභාගි වුණා.

file
file
file
file
file
READ:   අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කිරීමට දැඩි ලෙස කැපවනවා - ජනාධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්