Thursday, April 23, 2026
Homeදේශීයමැතිවරණයට වියදම් කළ හැකි උපරිම ගණන් මෙන්න

මැතිවරණයට වියදම් කළ හැකි උපරිම ගණන් මෙන්න

ජනාධිපති අපේක්ෂකකයෙකුට එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව දක්වන විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින්.

මේ අතර මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැය කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූකෝටි අසු දෙලක්ෂ 98,586ක් වන බවයි සඳහන් වන්නේ.

ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලෙන් සියයට 60ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ 79,151යි ශත 60ක මුදලක් සිය ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකි වෙනවා.

READ:   ජාතික අක්ෂි රෝහලේ ශල්‍යාගාර වසා දැමීම ගැන ඇමතිගේ ඇස් ඇරෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්