Friday, April 24, 2026
Homeදේශීයඉරාන ජනපතිගේ පැමිණීම හේතුවෙන් ආරක්ෂාව දැඩි කරමින් අද විශේෂ රථවාහන සැලැස්මක්

ඉරාන ජනපතිගේ පැමිණීම හේතුවෙන් ආරක්ෂාව දැඩි කරමින් අද විශේෂ රථවාහන සැලැස්මක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා අද ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ඇතුළු දූත පිරිස මත්තල ගුවන්තොටුපොල සිට උමාඔය උත්සව භූමිය දක්වා ගමන් කිරීමට නියමිතයි.

එ අනුව අද උදෑසන 9.30 සිට 11 දක්වා කාලය ඇතුළත කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

මේ අතර අද පස්වරු 2 සිට 3 දක්වා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයද සම්පූර්ණයෙන් වසා තබන බවයි ඒ මහතා පැවසුවේ.

අදාළ විශේෂ රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,

file
file
READ:   මතුගම වස්ත්‍ර දන්දීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්