උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා අද ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ඇතුළු දූත පිරිස මත්තල ගුවන්තොටුපොල සිට උමාඔය උත්සව භූමිය දක්වා ගමන් කිරීමට නියමිතයි.
එ අනුව අද උදෑසන 9.30 සිට 11 දක්වා කාලය ඇතුළත කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
මේ අතර අද පස්වරු 2 සිට 3 දක්වා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයද සම්පූර්ණයෙන් වසා තබන බවයි ඒ මහතා පැවසුවේ.
අදාළ විශේෂ රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,




