Friday, June 5, 2026
Homeදේශීයහවස 2න් පස්සේ අද ගිඟුරුම් සහිත වැසි

හවස 2න් පස්සේ අද ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම,උතුරු-මැද සහ ඌව පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහමධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ප්‍රදේශ රැසකට සවස් වරුවේ ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්