Wednesday, September 16, 2026
Homeදේශීයපාලිත තෙවරප්පෙරුමට අවසන් ගෞරවය දක්වන්න විශාල ජනකායක්

පාලිත තෙවරප්පෙරුමට අවසන් ගෞරවය දක්වන්න විශාල ජනකායක්

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ ඒ මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස් කළ සුසානයේ දී.

හිටපු අමාත්‍යවරයාගේ දේහය මතුගම යටදොලවත්තේ පිහිටි ඒ මහතා ගේ නිවසට රැගෙන ආවේ පෙරේදා රාත්‍රියේ දි.

පාලිත තෙවරප්පෙරුම මහතාට අවසන් ගෞරවය දැක්වීමට භික්ෂුන් වහන්සේලා, දේශපාලඥයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් ඊයේ රාත්‍රිය වන විටත් ඒ මහතාගේ නිවසට පැමිණෙන ආකාරය දක්නට ලැබුණා.

ඒ මහතා පසුගිය 16 වනදා අභාවප්‍රාප්ත වුණේ මතුගම ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් වත්තක සිටියදී විදුලි සැර වැදීමෙන්.

READ:   ආර්ථික අර්බුදය එක අයවැයකින් විසඳන්න බෑ - ජනපති අවධාරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්