Saturday, July 25, 2026
Homeදේශීයලංකාවට එද්දි පාලමේ හැප්පුන නැවේ විෂ ද්‍රව්‍ය ටොන් 764 ක් - නැවේ ගිනි ගෙඩිය...

ලංකාවට එද්දි පාලමේ හැප්පුන නැවේ විෂ ද්‍රව්‍ය ටොන් 764 ක් – නැවේ ගිනි ගෙඩිය පාර්ලිමේන්තුවේ පත්තුවෙයි

ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී පසුගියදා අමෙරිකාවේ බොල්ටිමෝ පාලමේ ගැටුණු භාණ්ඩ රැගත් නෞකාව අන්තරායක ද්‍රව්‍ය ටොන් 764ක් රැගෙන එමින් සිට ඇති බව චරිත හේරත් මන්ත්‍රීවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (02) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව එවැනි විෂ ද්‍රව්‍ය සහිත නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නිසි අවසරය ලැබුණේ කොහොමද යන්න ඔවුන් මෙහිදී ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු ලබා දුන් පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ එම නැව පාලමේ ගැටුණ නිසා එහි තිබූ භාණ්ඩ ගැන තමන්ද දැනගත් බවයි.

අදාළ දර්ශන පහතින්,

READ:   ජනපති වෙලා මාස 17ට රට සවාරි 18ක් ගිහින් - සජිත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්