Wednesday, July 22, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට මි.මී 75 ට වැඩි තද වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ට වැඩි තද වැසි

අද (02) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ‍දේශබන්දුට එරෙහි වැලිගම වෙඩි තැබීමේ නඩු යලිත් දෙසැම්බර් 17 සලකා බලන්න දින දෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්