Friday, April 17, 2026
Homeදේශීයගාසා තීරයට ශ්‍රී ලංකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්

ගාසා තීරයට ශ්‍රී ලංකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයනේ ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE. Zuhair M.H. Dar Zaid) මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව ආරම්භ වූ ගාසාහි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත මේ වන විටත් පරිත්‍යාගශිලි බොහෝ පිරිසක් අරමුදල් බැර කර ඇති බව සඳහන් වෙනවා.

එසේම “Children of Gaza Fund” අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශිලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි රුපියල් මිලියන 20කට අධික මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතයි.

file
file
READ:   දිස්ත්‍රික්ක 4 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්