Friday, May 1, 2026
Homeවිදේශීයජයගත්තේ තමන් බව ඉම්රාන් ඛාන් කියයි.

ජයගත්තේ තමන් බව ඉම්රාන් ඛාන් කියයි.

සිරගත කර සිටින පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහ මැතිවරණයෙන් ජයග්‍රාහණය කළ බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම ජයග්‍රාහණය සමරන ලෙසයි ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ.

පාකිස්තාන මහමැතිවරණයේදි සිරගත වී සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ස්වාධීන අපේක්ෂකයන් ඉදිරියෙන් සිටින බව විදෙස් වාර්තා පවසනවා.

ඒ ආසන වැඩි සංඛ්‍යාවක් ජයග්‍රාහණය කරමින්.

මැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් වාර්තා පවසන්නේ, සමස්ත බහුතරයක් දිනා ගැනීමට කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් සමත්ව නැති බවයි.

මේ අතර ඡන්ද ප්‍රතිඵල විකෘති කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වන බවට විරුද්ධ පක්ෂ චෝදනා එල්ල කර ඇති බවද සඳහන්.

ඊයේ උදෑසන වන විට සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ යුතු වුවද, ඊයේ පස්වරුව වන විටත් නිකුත් වී ඇත්තේ 50%ක් පමණ ඡන්ද ප්‍රතිඵල බවයි පාකිස්තාන මාධ්‍ය පවසන්නේ.

READ:   ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් ඇරඹෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්