පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරකට එක්ව ඇති බව වාර්තා වෙනවා.
එහිදී ඔහු ඉන්දියාවේ රාම කෝවිලට ගොස් ආගමික වතාවත් වලද නිරත වී තිබුණා.
සිය ඉන්දීය සංචාරය පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා තම නිල ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවන් සටහනක්…
උපුටා ගැනීම.
ඉතා සීඝ්‍රයෙන් ආර්ථික සංවර්ධනයක් ළගාකරගන්නා ඉන්දියාව විසින් අධ්‍යාපනය, සෞඛ්‍යය හා සමාජ ආරක්ෂණය වැනි අංශ තුළ වැඩි වශයෙන් ආයෝජන කිරීම් දැක ගත හැකිවේ. දුප්පත්කම අවම කිරීමෙන් ආර්ථික වර්ධනයට තිරසාර විසඳුමක් ලබාදීම මුලික අරමුණ කරගනිමින් ඔවුන් කටයුතු කරයි.
නව ආයෝජන අවස්ථා සඳහා වන විරෝධතාවලට වඩා ඉතා ක්‍රමානුකූලව ඉන්දියාව තුළ සිටින ආයෝජකයන් හා ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම මෙන්ම, ඔවුන් විදෙස් ආයෝජන සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් ඊට අවශ්‍ය පසුබිම විනිවිදව සැකසීම අගය කළ යුතුවේ.
අපගේ පාලන කාලසීමාවන් තුළ ඉන්දීය රජය සමඟ ඉතා සුහදව පැවති රාජතාන්ත්‍රික සහසම්බන්ධතාවය සහ සහෝදරත්වය සිහිපත් කිරීමට ද මම මෙය අවස්ථාවක් කරගනිමි.
එකී සබඳතාවය සහ වටිනාකම් පෙරදැරිව ඉන්දියාවේ අයෝධ්‍යාපුරයට පැමිණි අවස්ථාවේදී ඓතිහාසික රාම කෝවිලට ගොස් වැඳ පුදා ගැනීමත්, එසේම උත්තරා ප්‍රදේශයේදී ඉතා උණුසුම් පිළිගැනීමත් මම නිහතමානීව පිළිගතිමි. සංස්කෘතික සහ සමාජීය වටිනාකම් පෙරදැරිව දෙරටේ සබඳතා වර්ධනය කිරීම රාජ්‍යතාන්ත්‍රිකව සිදුවිය යුතුබව මාගේ විශ්වාසයයි.
උපුටා ගැනීම අවසන්.
අදාළ දර්ශන පහතින්,


