Thursday, July 23, 2026
Homeදේශීයනව කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවට සැකයක්

නව කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවට සැකයක්

ඉන්දියාවේ මේ දිනවල පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී ඇති බව තමන් විශ්වාස කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෙල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඒ අනුව අවදානම් සහිත පුද්ගලයින් බූස්ටර් එන්නත ගැනීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් බව ඒ මහතා පෙන්වා දෙනවා.

ඒ සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින්.

ඉන්දියාවේ මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන එම කොවිඩ් ප්‍රභේදය එය ඔමික්‍රොන් ජෙ.එන්.1 කොව්ඩ් වෛරස උප ප්‍රභේදය ලෙස හඳුනාගෙන තිබෙනවා.

READ:   සී.බී. පළමුවැනියා වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්