Monday, April 20, 2026
Homeදේශීයමහ බැංකුවෙන් අතුරුදන් වෙච්ච නොට්ටු බන්ඩලයට මොකද වුණේ?

මහ බැංකුවෙන් අතුරුදන් වෙච්ච නොට්ටු බන්ඩලයට මොකද වුණේ?

මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක මුදල් බන්ඩලයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් තවදුරටත් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා අද (28) පාර්ලිමේන්තුවේ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.

*නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා ..

“පරික්ෂණ දෙකක් තාම කරගෙන යනවයි කියන්නේ. තාම හොරා අල්ලලා නෑ. එතකොට මහ බැංකුව ඇතුලේ තාම හොරෙක් ඉන්නවා කියලා තමයි නිගමනය කරන්ඩ වෙන්නේ.”

“මෙච්චර කල් ඇයි මේ මහ බැංකුව ඇතුලේ ඉන්න හොරාව සී.අයි.ඩී එකට අල්ලගන්ඩ බැරිවුණේ. සී.සී.ටී.වී ඇතුළු ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නවා නම්.”

*අමාත්‍ය ෂෙහාන් සේමසිංහ..

“පොලීසිය විසින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරමින් පවතිනවා.
මේ විමර්ශනය අවසානයේ තමයි සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලිව නිගමනයක් ලබා ගන්න වෙන්නේ.”

“මේ වන විට විමර්ශනය කඩිනම් කරන්න කියලා මහ බැංකු අධිපතිවරයා පොලිස්පති සමග සාකච්ඡා කරලා තියෙනවා.”

“ඒ විමර්ශනය අවසාන වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් තියෙන තොරතුරු සභාවට දැනුවත් කරන්න කටයුතු කරන්නම්.”

READ:   BREAKING NEWS: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සම්පූර්ණයි - මහ බැංකුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්