ජනාධිපතිවරයා විසින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමට හේතුවක් විය හැති බව ESPNcricinfo වෙබ් අඩවිය පවසනවා.
කෙසේ වෙතත් එය ස්ථිරවම කිව නොහැකි බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි පරිපාලනයට තවදුරටත් දේශපාලන මැදිහත්වීමක් නොවන බවට රජයෙන් සහතිකයක් ඉල්ලා ඇති බව ද වෙබ් අඩවිය වාර්තා කරනවා.
ජනාධිපතිවරයා ඒ පිළිබඳ සහතිකයක් මෙතෙක් ලබා දී නොමැති බව Cricinfo සඳහන් කළා.
රොෂාන් රණසිංහ ඉවත් කිරීම සමස්තයක් වශයෙන් රජය දේශපාලන බලපෑම් කිරීමෙන්, පසුබැසීමට කටයුතු කළ අවස්ථාවක් බව වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට රොෂාන් රණසිංහ ජව සම්පන්නව කටයුතු කළ පුද්ගලයකු විම නිසා බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.


