Wednesday, April 15, 2026
Homeදේශීයරාහුල ශත සංවත්සර රාත්‍රිය

රාහුල ශත සංවත්සර රාත්‍රිය

මාතර රාහුල විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිති කර ගනිමින්, ශත සංවත්සර රාත්‍රියක් හෙට පැවැත්වීමට, රාහුල විද්‍යාලීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය සියලු කටයුතු යොදා තිබෙනවා.

රාහුල විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ශත සංවත්සර රාත්‍රිය,
නොවැම්බර් 25 වන දා එනම් හෙට,සවස 6 සිට, ශ්‍රී ජයවර්ධනපුර monark( මොනාක් ඉම්පීරියල්) imperial හෝටලයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා අවසන්.

file

රාහුල කොළඹ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති, ආචාර්ය සුජීව ලොකුහේවා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ,රාහුල සැදෑව සභාපති කලන අල්විස් මහතාගේ මෙහෙයවීමෙන්,රාහුල විද්‍යාලයේ කොළඹ ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරි මඩුල්ල මෙය සංවිධානය කරනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වනවා.

රාහුලයේ කීර්තිමත් ආදි සිසුන් 10 දෙනෙකු සදහා ජීවිත කාලයටම හිමි සම්මානයක් ලබා දීමද මෙහි විශේෂත්වයක්.

රාහුලයේ කීර්තිමත් ආදි සුසුවකු වන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුලු විවිධ අංශ වලින් රට දිනූ රාහුලයන් රැසක් මීට එක් වීමට නියමිතයි.

file

Line one, සහ Kochi සංගීත කණ්ඩායම් මෙම රාත්‍රිය වර්ණවත් කරනු ඇත.

මාතර රාහුල විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනි සමිත කුරුකුලසූරිය මහත්මිය වසර සියයකට පසු රාහුලයට පත්වූ එකම විදුහල්පතිනිය වීමද රාහුලයට විශේෂත්වයක්.

විදෙස් රටවල ආදි රාහුලයන්ගේ ශාඛා නියෝජනය කරමින්ද ,මෙම Centenary Dinner dance, සදහා සහභාගී වීමට නියමිතයි.

රට පුරා විසිරී සිටින ආදි රාහුලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් එකට හමුවන මෙම සුහද ශත සංවත්සර රාත්‍රිය නොවැම්බර් 25 සවස 6 සිට පසුදා අලුයම 3 දක්වා පැවැත්වෙනු ඇති.

file
READ:   ‘එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළාබාලම, එම්බාමර්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්