ඕස්ට්‍රේලියානු තරග සංවිධායකයක් අතරතුර එරට කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ පසුව ඉන් නිදහස් කෙරුණු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන ආකාරයට එහිදී තීරණය වී ඇත්තේ අදාළ සිද්ධියේ දී එරට පොලීසිය ධනුෂ්ක ගුණතිලකට එරෙහිව අසාධාරණ ලෙස කටයුතු කර ඇති බවයි.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ ආදාළ නඩු ගාස්තුව යළි ලබා ගැනීමට හැකි පරදි සහතිකයක් නිකුත් කරන ලෙස විනිසුරුවරිය නියෝග කර තිබෙනවා.


