Friday, April 17, 2026
Homeවිදේශීයඊශ්‍රායල් - හමාස් ගින්න අද නිවෙන ලකුණු

ඊශ්‍රායල් – හමාස් ගින්න අද නිවෙන ලකුණු

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර එකඟතාවයට අනුව දින 4ක් සඳහා වන සටන් විරාමය බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක බව හමාස් සංවිධානය පවසනවා.

හමාස් සංවිධානය විසින් පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම අද (23) නිදහස් කරනු ඇතැයි ඊශ්‍රායලය බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ එකඟතාවයට අනුව හමාස් සංවිධානය රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිත අතර ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් එකඟතාවයට අනුව සටන් විරාමය බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක බවට හමාස් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

READ:   පුලිනතලාරාමයේ ධාතු කරඬුව සොරකම් කළ කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්