Saturday, June 6, 2026
Homeදේශීයඋතුරු කොරියානු නායකයා සිය වැසියන්ට දින 11ක් සිනහව තහනම් කරයි.

උතුරු කොරියානු නායකයා සිය වැසියන්ට දින 11ක් සිනහව තහනම් කරයි.

උතුරු කොරියානු නායක කිම් ජොන්උන් එරට වැසියන්ට දින 11ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ සිය පියාගේ අභාවයේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන්. දෙසැම්බර් මස 17 වනදා සිට දින 11ක් එය පැවැත්වෙනු ඇති. විදෙස් වාර් තාවලට අනුව ශෝක කාලය තුළ එරට ජනතාවට සිනාසීමට, මත්පැන් පානය කිරීමට හෝ ප්‍රිය සම්භාෂණ උත්සවවල යෙදීමට අවසර හිමිවන්නේ නැහැ. සාප්පු සවාරි යාම පවා තහනම්. එසේ කළ හොත් ඊට අදාළ නීති අනුව දඬුවම් හිමිවනු ඇති.
සාමාන්‍යයෙන් සෑම වසරකම දින 10 ක ශෝක කාලයක් පැනවෙන අතර, සිය පියා වන හිටපු උතුරු කොරියානු නායක කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් වසර 10 මේ වසරේදී සපිරෙන බැවින් මෙවර ශෝක කාලය තවත් දිනකින් දීර් ඝ කර ඇත.

READ:   ධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්