Wednesday, June 3, 2026
Homeදේශීයඅදත් කාලගුණය දරුණුවෙයි?

අදත් කාලගුණය දරුණුවෙයි?

අද (23) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඊයේ (22) දිවයිනේ ප්‍රදේශ රැසකින් ගල් පෙරළීම්, පස් කඳු නායයෑම් මාර්ගයන් අවහිරවීම් රැසක් වාර්තා වුණා.

මේ අතර බදුල්ල හාලිඇල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්ඳක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබුණා.

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් දිවුලපිටිය,මීරිගම, අත්කනගල්ල, මහර,ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉහළ යාමෙන් මුලටියන සහ කඹුරුපිටිය පහත් බිම්වලට ගංවතුර අවධානමක් ඇතිවුණා.

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් නායයෑම හේතුවෙන් අවහිර වූ අතර තවත් මාර්ග රැසක ගමනාගමනයට ඊයේ දිනයේ බාධා මතුව තිබුණා.

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්