Monday, June 15, 2026
Homeදේශීයදිවයින පුරා වියළි කාලගුණයකට හැරෙයි: ජනතාවට උපදෙස්..

දිවයින පුරා වියළි කාලගුණයකට හැරෙයි: ජනතාවට උපදෙස්..

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (18) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරනවා.

ඒ අනුව වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර පළාත් සහ මොනරාගල, මන්නාරම, රත්නපුර සහ වවුනියා දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් වෙනවා.

ඒ අනුව ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙනවා.

READ:   අද ගිගුරුම් සහිත තද වැසි ඇතිවන ප්‍රදේශ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්