2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේ දී සත්කාරක ඉන්දියාව කඩුලු 6කින් පරාජය කරමින්.
කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 240ක් පමණයි.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ KL Rahul පන්දු 107කින් ලකුණු 66ක් රැස් කළා.
Virat Kohli ලකුණු 54 (63) යි. නායක රෝහිත් ෂර්මා ලකුණු 47ක් ලබා ගත්තා.
අගනා පන්දු යැවීමක නිරත වූ Mitchell Starc ඉන්දීය ඉනිමේ කඩුලු ක් බිද දැමුවා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 241ක ඉලක්කයක් හබා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 43ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියා.
ආරම්භයේ ඉන්දීය පන්දුයවන්න් හමුවේ ඕස්ට්‍රේලියාවේ මුල් කඩුලු 3 පන්දුවාර 11 වන විට දැවී ගියා.
එහිදී ඉවසිලිවන්ත ඉනිමක් ආරම්භ කරමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රාහණය කරා ගෙන යෑමට T. Head සමත් වුණා.
ඒ පන්දු 120කින් ලකුණු 137ක් රැස් කරමින්. ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් ඇතුළත්.
T.head හට අගනා සහයක් ලබා දුන් M. Labuschagne පන්දු 110කින් නොදැවී ලකුණු 58 ක් රැස් කළා.
ඒ අනුව හය වන වරටත් එක්දින ක්‍රිකට් ලෝක ශුරතාවයක පහස හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත් වුණා.


