Monday, June 15, 2026
Homeක්‍රීඩාපාලිතට - ප්‍රේමසරට රත්තරන් සම්මාන

පාලිතට – ප්‍රේමසරට රත්තරන් සම්මාන

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් අනුග්‍රහයෙන් ‘සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උලෙළ’ මේ මස 11දා ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සබුද්ධි සාහිත්‍ය කවය විසින් සංවිධාන කරන මේ සම්මාන උලෙළේදී ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන සබුද්ධි රන් සම්මානය සඳහා ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ යන මහත්වරුන් තෝරා ගෙන ඇත. සිංහල ක්‍රිකට් විස්තර විචාරකයන් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා දශක 5කට අධික කාලයක් කරන ලද මහඟු සේවය ඇගයීමක් ලෙස මේ දෙදෙනාට රන් සම්මාන පිරිනැමේ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන මේ සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ ද රන් සම්මානයෙන් පිදුම් ලබනු ඇත. තවද ක්‍රීඩා සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ 10ක් යටතේ සම්මාන සහ කුසලතා සහතික පත්‍ර පිරිනැමෙන මේ උලෙළේදී පසුගිය වසරට අදාළව වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා, ක්‍රීඩා සාහිත්‍ය ශාස්ත්‍රීය කෘතිය සහ ක්‍රීඩා සාහිත්‍ය විවිධ විෂයික කෘතිය මෙන්ම දිනපතා සහ සතිපතා පුවත්පත් යන අංශ සම්මානයට පාත්‍ර වනු ඇත. එසේම වසරේ ගුවන් විදුලිය, රූපවාහිනිය සහ නව මාධ්‍ය (වෙබ්අඩවි) යන අංශ මෙන්ම වසරේ ක්‍රීඩා සඟරාව සඳහා ද සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන පිරිනැමේ.

dinamina

READ:   නුවර පෙරහැරේ යන අලිඇතුන්ගේ ඇස්වලට ලේසර් කිරණ අල්ලන වැඩක් ගැන පැමිණිල්ලක්.
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්