Tuesday, April 21, 2026
Homeදේශීයපහර දීම හෙලා දකිනවා - ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පවසයි

පහර දීම හෙලා දකිනවා – ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පවසයි

සාමකාමි අරගලයේ නියුතුව සිටි ගාලුමුවදොර අරගලකරුවන් හට අද අලුයම ආරක්ෂක අංශ විසින් කළ මෙලේච්ඡ හා නින්දිත පහරදිම හෙලා දකින බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. විධායකය විසින් ගත් එම ක්‍රියාමාර්ගය මෙරට මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බව ලපියෙන් අවධාරණයට ලක් කර තිබුණා. අපාරාධකරුවන් වහාම අත්තඩංගුවට ගන්නා ලෙසද හමුදාව යොදාගනිමින් එවැනි ආකාරයට හෝ මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන අයුරකට රාජ්‍ය පාලනයෙදි එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් යළි නොගන්නා බවට මෙරට රජය විසින් සහතික කර සිටිය යුතු බව මානව හිමිකම් කොමිසන් සභාව තවදුරටත් අවධාරණය කර සිටිනවා. නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කොමිසන් සභාව මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවද නිවේදනයේ සඳහන්.

READ:   කබලෙන් වැ‍ටෙන පොහෝට්ටුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්