Wednesday, July 15, 2026
Homeදේශීයතැපැල් සේවය ගැන රජයෙන් තීරණයක්

තැපැල් සේවය ගැන රජයෙන් තීරණයක්

තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

ඒ සඳහා වන කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) තැපැල් මුලස්ථාන පරිශ්‍රෙය් පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

මෙහිදී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

තැපැල් දෙපාර්තමේන්තුව වර්ෂයකට මිලියන 7000ක් විතර දිගටම පාඩු ලබපු ආයතනයක් වන නමුත් තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන පැත්තට හැරවීමට දැන් හැකි වී ඇති බව ඔහු පවසනවා.

මේ වසර අවසානයේ බිලියන 7 පාඩුව බිලියන 4 දක්වා අඩුකර ලබන අවුරුද්දවන විට එය පාඩු නොලබන තත්වයට ගෙන ඒමට අවශ්‍ය සැලසුම මේ වන විට සකස් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   BREAKING - මහින්ද අගමැති කරන්න ඉල්ලීමක් කළේ නෑ - පොහොට්ටුව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්