ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අතරතුර දී ඇන්ජිලෝ මැතිව්ස් පන්දුවට පහර නොදී දැවි ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළා.
ඒ සිව්වන කඩුල්ල ලෙස සමරවික්‍රම දැවී ගිය පසු නියමිත විනාඩි 2ක කාලය තුළ මැතිව්ස් පිටියට නොපැමිණීම හේතුවෙන්.
කෙසේ වෙතත් ඔහු පිටියට පැමිණ සිටි අතර එය කැමරා කාච තුළ සටහන් ව තිබුණා.
මැතිව්ස් හෙල්මට් එකේ පටිය කැඩී යාම හේතුවෙන් වෙනත් හෙල්මට්ටුවක් ලබා ලබාගගැනීමට යාමේදී යමි ප්‍රමාදයක් සිදුවුවා හැකියි.
ඔහු ඒ ගැන විනිසුරුවරයා හා බංග්ලාදේශ නායකයාගෙන් ද ඉල්ලීම් කර සිටියා.
බංග්ලාදේශ නායකයා ඊට ඉඩ ලබා නොදීම මහත්වරුන්ගේ ක්‍රීඩා ඉතිහාසයේ කැපී පෙනන අවස්ථාක් වුණා.
විනිසුරුවරයා ද බංග්ලාදේශය නායකයාට ඒම ඉල්ලීම ගැන යළි දැනුවත් කරන ආකාරය දක්නට ලැබුණා.
කෙසේ වෙතත් එම අවස්ථාව හිමිවන්නේ ක්‍රිකට් පන්දු රකින කණ්ඩායමටයි.
ඒ අනුව විනිසුරුවරයා අදාළ තීරණය ලබා දිය යුතු වූ අතර ඇන්ජිලෝ මැතිව්ස් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ක්‍රීඩා නොකර දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණා.







